කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

9/4/09

සංදර්ශන හා සාහිත්‍යය


සෑම සැප්තැම්බරයක ම පුරුද්දට මෙන් ඇවිත් යන සාහිත්‍ය සමය මෙවර ද පැමිණ තිබේ.සැණකෙළි සහ සංදර්ශණවලින් කොළොම්තොට සිරි ගැන්වී ඇත.මෙවර පොළොන්නරුවෙන් ද ඒ හඬ ඇසේ.
සාහිත්‍යමය සංස්කෘතියක් නොමැති සමාජයක පොත් කඩ දැමීම හා හිස් වචන අවකාශයට මුදා හැරීම සාහිත්‍ය ලෙස සැළකීම ගැන අප පුදුම විය යුතු නැත.
ඒ ඒ කාලයට අනුව ජීවිතයේ ප්‍රමුඛතාවයන් සකසා ගැනීම ලාංකිකයාගේ ජාති ලක්ෂණයකි. ඒ අනුව ඔවුන් ක්‍රිකට් සැණකෙළි කාලයට ක්‍රිකට් ප්‍රමුඛ කොට සලකති.යුද්ධයේ චණ්ඩ රළ සමඟ කේසර සිංහයන් බවට පත්වෙති. රටක ජාතික කොඩියේ ඇති වටිනාකම නොදත් ඔවුහු අත දරා ඇති කොඩියට වඩා බමන මතින් ඒ මේ අත වැනෙති.ගං වතුර කාලයට ඔරු පදිති.
එසේම සාහිත්‍ය සමයේ ඔවුහු විවිධ පොත් කඩ වලින් පි
රුණු සාහිත්‍ය සුපිරි වෙළඳ සල් වෙත සාප්පු සවාරී යති.මෙලෙස ඒ ඒ කාලයට අනුව වේශ නිරූපනය වීම ලාංකිකයන්ගේ ජීවන විලාසය බත්ව ඇත.


මෙම සංදර්ශනවලින් දෑස් නිලංකාර කර ගත් බොහෝ අය සාහිත්‍යයේ ප්‍රගමණයක් හෝ නව ප්‍රවණතාවක් ඇතැයි නන් දොඩවති. මතුපිටින් පෙනෙන මනරම් පෙන බුබුළු යටින් දිවෙන බියකරු දිය සුළිය ඔවුන් දකින්නේ නැත. මන්ද යත් සාහිත්‍ය නාමයෙන් ඔප් නැංවෙන මෙකී ව්‍යාජය,සැබෑ සාහිත්‍ය කතිකාවක පැවැත්මට කිසිදා ඉඩ නොදෙන බැවිනි. සියල්ලෝ මෙසේ ප්‍රීති ප්‍රමෝදයට පත් වන්නේ පරපුරක පැවැත්ම සමඟය.

සියලු මාජ පුරුෂාර්ථ බිඳ වැටුණු සමාජයක වුව සාහිත්‍ය කරුවාට භූමිකාවක් ඇත.මන්ද යත් සාහිත්‍ය යනු පවතින යථාර්තය,සාහිත්‍යකරුවාගේ මැදිහත් වීමෙන් නව යථාර්තයක් ලෙස පිළිබිඹු කිරීමය.පැරණි දේ නව දේ බවට පත් කිරීමය.නරක වෙනුවට හොඳ ආදේශ කිරීමය. ආලෝකයෙන් අඳුර පලවා හැරීමය.
එහෙත් පරණ පුරුද්දට පැමිණි මෙවර සාහිත්‍ය සමය ද එසේ නොවේවා'යි අප ප්‍රාර්ථනා ‍කරන්නේ නැත.මන්ද එවැනි හුදු ප්‍රාර්ථනාවකින් එය ඉටු නොවන නිසාවෙනි.

මේ මොහොතේ සාහිත්‍ය කරුවා සංදර්ශන සාහිත්‍යයේ ගොදුරක් නොවිය යුතුය.එසේ වීමට සාහිත්‍ය කරුවාට අයිතියක් නැත. මහා සාහිත්‍යකරු ඇලෙක්සැන්ඩර් ෂොල්සෙනිට්ස් පැවසුවේ "සාහිත්‍යකරුවා වූ කලි රාජ්‍යයක තවත් ර‍ජෙකු බවයි".

එච්.ඒ. ප්‍රසන්න කැළුම්
කලා අංශය
13 වසර

2 comments:

Anonymous said...

I Read your Blog.its goog
iwish u all the best.
I am PIYAL RANJITH.
Bolana navodya pasala.
hwpiyal@bellmail.lk

siridasa said...

හසරැල්ල දෙවන කලාපය
අහස් වියනයට නිමක්නොවූ චාරිකාවේ නිරතවූ අප
පාසල් ආධි සිසුන් ලෙස ඉදිරිපත් කරන ලද
නිර්මාන සටහන මෙසේ යලි දෙවන කලාපය ලෙස
එලිදැක්වීමට මා සිතුවෙමු.
දිනෙන් දින දොළොස් මස පහනක් සේ දිළෙන ථේරපුත්ත විදු මාතාවගේ දූදරුවන් වූ නුබ සැවොම
පාසල් සාහිත්‍ය ඒකකයක් වී එකමුතුව ඉදිරිපත් කරන
මෙම නිර්මාණ සටහන තුලින් පාසල් සාහිත්‍ය සංගමය ගැන කිසිත් නොකියන්නේ මන්දැයි මාහට නොතේරේ. එනමුත් මා දකින කරුණ නම් පාසල් සාහිත්‍ය සංගමය හා විදු මාතාව පිළිබද සටහනක්ද මෙහි ඇතුලත් වියයුතු බවයි. එනම් මෙය තරගයක් අයුරින්ම නොව ‍ෙථ්රපුත්ත මාතාවගේ අනන්‍යතාවය ලක්දූ පුතුන්ට කියාදීමට මෙය කදිම අවස්ථාවක්ද වන බැවිනි. නිර්මාණ පිටුවෙහි සංස්කාරක ඔබ දකිනවා ඇති මේ තුලට එකතුවන සිතැගි ඇති හිතවතුන් ප්‍රමාණය.
මෙවන් වූ සුළු අඩුපාඩු කම් වුවද නිවැරදි කරගැනීමට හැකිනම් එය අගනේය.
ථේරපුත්ත විදු මව් සෙවනේ සිප්සතර හදාරන ඔබසැමට දීප්තිමත් හෙට දිනක්....................

ආදි ශිෂ්‍ය
පරිගණක උපදේශක
පී . ඒ . තරංග ස‍‍දකැළුම්
ළමා සම්පත් මධ්‍යස්ථානය
හම්බන්තොට
+94 723 580 822
patsandakelum@yahoo.co.in
patsandakelum1986@gmail.com

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.