
සෑම සැප්තැම්බරයක ම පුරුද්දට මෙන් ඇවිත් යන සාහිත්‍ය සමය මෙවර ද පැමිණ තිබේ.සැණකෙළි සහ සංදර්ශණවලින් කොළොම්තොට සිරි ගැන්වී ඇත.මෙවර පොළොන්නරුවෙන් ද ඒ හඬ ඇසේ.
සාහිත්‍යමය සංස්කෘතියක් නොමැති සමාජයක පොත් කඩ දැමීම හා හිස් වචන අවකාශයට මුදා හැරීම සාහිත්‍ය ලෙස සැළකීම ගැන අප පුදුම විය යුතු නැත.
ඒ ඒ කාලයට අනුව ජීවිතයේ ප්රමුඛතාවයන් සකසා ගැනීම ලාංකිකයාගේ ජාති ලක්ෂණයකි. ඒ අනුව ඔවුන් ක්‍රිකට් සැණකෙළි කාලයට ක්‍රිකට් ප්රමුඛ කොට සලකති.යුද්ධයේ චණ්ඩ රළ සමඟ කේසර සිංහයන් බවට පත්වෙති. රටක ජාතික කොඩියේ ඇති වටිනාකම නොදත් ඔවුහු අත දරා ඇති කොඩියට වඩා බමන මතින් ඒ මේ අත වැනෙති.ගං වතුර කාලයට ඔරු පදිති.
එසේම සාහිත්‍ය සමයේ ඔවුහු විවිධ පොත් කඩ වලින් පිරුණු සාහිත්‍ය සුපිරි වෙළඳ සල් වෙත සාප්පු සවාරී යති.මෙලෙස ඒ ඒ කාලයට අනුව වේශ නිරූපනය වීම ලාංකිකයන්ගේ ජීවන විලාසය බවට පත්ව ඇත.
මෙම සංදර්ශනවලින් දෑස් නිලංකාර කර ගත් බොහෝ අය සාහිත්‍යයේ ප්‍රගමණයක් හෝ නව ප්‍රවණතාවක් ඇතැයි නන් දොඩවති. මතුපිටින් පෙනෙන මනරම් පෙන බුබුළු යටින් දිවෙන බියකරු දිය සුළිය ඔවුන් දකින්නේ නැත. මන්ද යත් සාහිත්‍ය නාමයෙන් ඔප් නැංවෙන මෙකී ව්‍යාජය,සැබෑ සාහිත්‍ය කතිකාවක පැවැත්මට කිසිදා ඉඩ නොදෙන බැවිනි. සියල්ලෝ මෙසේ ප්‍රීති ප්රමෝදයට පත් වන්නේ පරපුරක පැවැත්ම සමඟය.

එහෙත් පරණ පුරුද්දට පැමිණි මෙවර සාහිත්‍ය සමය ද එසේ නොවේවා'යි අප ප්‍රාර්ථනා කරන්නේ නැත.මන්ද එවැනි හුදු ප්රාර්ථනාවකින් එය ඉටු නොවන නිසාවෙනි.
එච්.ඒ. ප්‍රසන්න කැළුම්
කලා අංශය
13 වසර
2 comments:
I Read your Blog.its goog
iwish u all the best.
I am PIYAL RANJITH.
Bolana navodya pasala.
hwpiyal@bellmail.lk
හසරැල්ල දෙවන කලාපය
අහස් වියනයට නිමක්නොවූ චාරිකාවේ නිරතවූ අප
පාසල් ආධි සිසුන් ලෙස ඉදිරිපත් කරන ලද
නිර්මාන සටහන මෙසේ යලි දෙවන කලාපය ලෙස
එලිදැක්වීමට මා සිතුවෙමු.
දිනෙන් දින දොළොස් මස පහනක් සේ දිළෙන ථේරපුත්ත විදු මාතාවගේ දූදරුවන් වූ නුබ සැවොම
පාසල් සාහිත්‍ය ඒකකයක් වී එකමුතුව ඉදිරිපත් කරන
මෙම නිර්මාණ සටහන තුලින් පාසල් සාහිත්‍ය සංගමය ගැන කිසිත් නොකියන්නේ මන්දැයි මාහට නොතේරේ. එනමුත් මා දකින කරුණ නම් පාසල් සාහිත්‍ය සංගමය හා විදු මාතාව පිළිබද සටහනක්ද මෙහි ඇතුලත් වියයුතු බවයි. එනම් මෙය තරගයක් අයුරින්ම නොව ෙථ්රපුත්ත මාතාවගේ අනන්‍යතාවය ලක්දූ පුතුන්ට කියාදීමට මෙය කදිම අවස්ථාවක්ද වන බැවිනි. නිර්මාණ පිටුවෙහි සංස්කාරක ඔබ දකිනවා ඇති මේ තුලට එකතුවන සිතැගි ඇති හිතවතුන් ප්‍රමාණය.
මෙවන් වූ සුළු අඩුපාඩු කම් වුවද නිවැරදි කරගැනීමට හැකිනම් එය අගනේය.
ථේරපුත්ත විදු මව් සෙවනේ සිප්සතර හදාරන ඔබසැමට දීප්තිමත් හෙට දිනක්....................
ආදි ශිෂ්‍ය
පරිගණක උපදේශක
පී . ඒ . තරංග සදකැළුම්
ළමා සම්පත් මධ්‍යස්ථානය
හම්බන්තොට
+94 723 580 822
patsandakelum@yahoo.co.in
patsandakelum1986@gmail.com
Post a Comment