කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

8/19/09

ගීයක් ගැන නොදත් යමක්

සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී...............

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වසී වී

ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුණ සුරෑපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
විගඟ සෙනග හඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැක ගනින් දේවතාවී....

මේ සමීප ගීතයේ යට ගියාව ගැන වැඩි දෙනෙක් නොදන්න කතාන්දරය තමයි මේ කියන්න යන්නෙ. කියවන ගමන් ඇහෙන්න මේ ගීතයත් දමාගන්න.


1980 දශකයේ ගොඩාක් ජනප්‍රිය වුන සඟරාවක් තමයි " දයාසේන ගුණසිංහ " මහත්මයාගේ , " සිව්දෙස සඟරාව ". 80 දශකයේ අග භාගයේ එක්තරා දවසක උදෑසන සිව්දෙස සඟරාව කියවමින් සිටි විශාරද ගුණදාස කපුගේ අපේ ආදරණීය ගායන ශිල්පියාණන් පිටු අතර තියෙන අපූරු කතාවක් දකිනවා . ඒ කතාව දැකපු ගමන් ම කපුගේ ශිල්පියාට සිහියට නැගෙන්නේ කළණ මිතුරු රත්න ශ්‍රී විජේසිංහ ව . ඒ වෙලාවෙම තමන්ගේ මිත්‍රයට දුරකතනයෙන් කථා කළ කපුගේ මහත්මයා " සිව්දෙස ' සගරාවේ තියෙන මේ ප්‍රවෘත්තිය බලන්නැයි කියනවා. ඒ පුවත මෙන්න මේකයි ,

මාතර කඹුරුපිටිය කියන ගමේ මධ්‍යම පාන්තික පවුලකට දාව උපදිනවා දියණියක්. ඇය නමින් ~ විනීතා සමරසිංහ ~ ඇය තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කළ පසු පොලිස් කාන්තාවක් ලෙසින් සේවයට බැඳෙනවා. ගම කඹුරුපිටියෙ වුනත් රැකියාව කරන්න සිදුවෙන්නේ කිරුළපන පොලීසියට අනුයුක්තව . මේ කාලෙදිම පොලිස් සේවයට බැදුණ උතුරුකරේ දමිළ තරුණයෙකුත් කිරුළපන පොලිස් ස්ථානයට පැමිණෙනවා. ඔහුට සිංහල භාෂාව හසුරුවන්න අසීරුයි .ඒ වගේමයි ඇයට දමිළ බස හසුරුවන්නත් අසීරුයි. නමුත් තරුණ හදවත් වල ආදරයට ඒක බාදාවන් නොවන වග මේ දෙන්න ඔප්පු කරනවා .දවසින් දවස මේ දෙදෙනාම ප්‍රේමය මතින් ඔවුන් දෙදෙනාටම උරුම වුණු අලුත් ලොවක් තනා ගැන්මට උත්සුක වෙනවා.
නමුත් එවකට රටේ උද්ගතවෙලා තිබුණ මහා වාර්ගික ගැටළුව හේතුවෙන් මේ ආදර කතාවට විනීතාගේ නිවසින් කිසිදු ආකාරයකින්වත් සහයෝගයක් නොලැබී යනවා. නමුත් විනීතගේත් නඩේෂන්ගේත් නෑදෑ සනුහරයම විරුද්ධ වෙද්දී කාටත් හොරා දෙන්නම යුග දිවියට එළඹුනා. යුගදිවි සිරි මැදින්ම ඔවුන් ඔවුන්ට උරුම වුණ සුන්දර ලොවක් හොයා ගෙන නඩේෂන්ගේ ගම් පළාත වුණ උතුරුකරයට පියමැන්නා. ඒත් ඒ වෙනකොට ජාතිවාදී ගිනිසිළුවෙන් උතුරුකරයේ ගිනි ඇවිලෙමිනුයි තිබුණේ. එදා නව යුවතිපතීන් ලෙසින් උතුරුකරයට ගිය ඔවුන් එල් . ටී . ටි. ඊ . යදමේ පුරුක් බවට පත්වුනා .
අවසන නඩේෂන් එල්. ටී . ටී . ඊ . සංවිධානයේ පොලිස් අංශයේ නායකයා බවටත් විනීතා සමරසිංහ එම සංවිධානයේම ප්‍රබල කොටි සාමාජිකාවක් බවටත් පත් විය. එදා සිදු වූ මේ සිදුවිම මුල් කරගනිමින් රත්න ශ්‍රී විජේසිංහ නම් වූ අසහාය ගේය පද රචකයා අතින් ලියවුනා වූ මේ සොඳුරු ගීතය අසන්නට අද දිනයේ නඩේෂන්වත්.... විනීතාවත් .... අපි අතරේ නොමැත. වියරු වැටුණා වූ බල ලෝභී සමාජය මැද ජාතිය පාවා දී සටන් වැද අවසන අද ඔවුන් දෙදෙනාම මිහිදන් වී ගොසිනි. ඔවුන්ගේ ගෙවුණු ජීවිතය ගැන ඔබ කුමන නිර්වචන කළත් ඔවුන් දෙදෙනා අතර හටගත් ඒ ප්‍රේමවෘතාන්තයෙන් ඇරඹි මහා කතාවක උත්තුංග සංක්ෂිප්තය මෙලෙසින් අපේ ගේය ලෝකය සදානන්දනීය කරනු ඇත.
( සැ.යු - සත්‍ය කතාවක් ඇසුරිනි )
රසාරා නිර්මාණි ජයකොඩි
13- A
කලා.

3 comments:

Indranama said...

විනීතා කොටි සාමාජිකාවක් වූ බවට නම් සාක්ෂි නෑ නේද?

Krishantha said...

කථාව ඇත්ත... ඒත් විනීතා කියන්නෙ කොටි සමාජිකවක් කියන්නතරම් සාක්ෂි නෑ කියලයි මට හිතෙන්නෙ. මේ වගේ දේවල් ලියද්දි පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් මිය ගිය අය ගැන.

ධනික | Dhanika said...

@ප්‍රවීන් ඉන්ද්‍රණාම
ඔව් මමත් දන්න තරමින් නම් වීනිතා කොටි සාමාජිකාවක් වූ බවට සාක්‍ෂි නෑ. නමුත් කොටි සංවිධානයේ රැකවරණය ලබමින් හිටපු බව නම් කියවලා තිබෙනවා.

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.