කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

8/28/09

මහගම සේකර සොයා යමු.....

ලාංකීය සමාජය තුළ සේකර තැබූ සටහන අදටත් නොමැකී පවතී.කවියේ ,ගීත රචනයේ,ලේඛනයේ,සිනමාවේ,චිත්‍ර ශිල්පයේ ප්‍රවීණයකු ඔහුට සෑම තරාතිරමකම රසික හදවත් විවර කරන්නට හැකිවිය.කවිය කියවා රස විඳිය යුතුයැයි ද ,ගීතය අසා රස විඳිය යුතුයැයි ද පැවසූ සේකර නිති සැමරිය යුත්තන් අතර ප්‍රමුඛයෙකි. මහගම සේකරයන්ගේ කුළුඳුල් පද්‍ය සංග්‍රහය වූ "සක්වාළිහිණි" කෘතියේ ආරම්භක කවිය අත්හැර මේ සටහන තැබිය නොහැකිය යන්න මගේ හැඟීමයි.
සේකරගේ අදහස වන්නේ ඔහු පමණක් නොව අප හැම දෙනා ද, එකම ගමනක නිරත වන බවයි.ඒ වඩාත් යහපත් ජීවිතයක් සෙවීමේ ගමනයි.ඇතැමුන් දැන දැනද, ඇතැමුන් නොදැනද ඒ ගමන යති. එහෙයින් ඔහු පවසන්නේ ඔහුගේ කවි තුළ ඇත්තේ ඔහුගේ ජීවිතය නොව අප හැමගේ ජීවිතය බවයි.
ගම පිළිබඳ මතකය විසින් උපන් සාංකාව "සක්වාළිහිණි" කෘතියේ අන්තර්ගතය යැයි මට හැඟේ.අගනුවර ඝෝෂාකාරී,රළු දිවි පෙවෙතින් හෙම්බත් වූ සේකර ගැමි දිවියේ සෞන්දර්ය මහත් රුචියෙන් වර්ණනා කරයි.කොළඹ අගනගරය කේන්ද්‍ර කරගත් සංස්කෘතිය විවේචනය නොකළ ද ඒ සංස්කෘතියෙන් පීඩාවට පත් වූවකු බව හැඟෙන්නේ පැරණි ආසියාතික නිෂ්පාදන ක්‍රමයේ නටඹුන් වැඩිපුර ඉතිරිවී ඇති ගමට ඇලුම් කරන හෙයිනි. මෙහි එන ඇතැම් කවි සෘජුවම ජන කවි හා සම්බන්ධ වේ."සක්වාළිහිණි" කෘතිය කියවන්නත් අමතක කරන්න එපා.අමරදේව ශූරීන් ගායනා කරන මේ ගීපද හැඩ ගැන්වුණේ සේකරයන්ගේ කවි පද වලින්.අහන්නකො.....

බොහෝ දෙනෙකුට (ඔබ හැර) සේකර අමතක වුවත් ඔහුගේ නිර්මාණ ගවේශණය කළ මට, මගේ සිතුවිලි හමුවේ ඔහු ජීවමාන බවකින් දැනේ. සේකර....,ඔබ ලියූ කවි සරලය.ඔබගේ දැක්මේ ගැඹුරු බව තිබුණේ ද ඒ සරල බව තුළමය.ඔබ විසූ සමාජය පිළිබඳ,ඔබ හොඳින් දැන සිටි නිසාම පුහුදුන් දනන් අතර ඔබ ප්‍රබුද්ධ මිනිසෙකි.

"ඔප් නැගූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
එමත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්

වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරට් පැකට්ටුවක්
එමත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්

එසේ වුව සොයුරාණෙනි...!
ඔබ ගැනම මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව දනිමි"

සේකර... ඔබ කෙතරම් සරල බසකින් පැවසුව ද තවමත් ඔබ ලියූ,කියූ දෑ වටහා ගැනීමට ඔවුන් අසමත්ය.එහි වරද ඔවුන් අත පමණක්ම නොවේ.මුදල් සෙවීමේ තරඟයකට වැටී සිටින සමාජයකට විවේක බුද්ධියක් නොමැති වීමයි.ජීවත්වීම පළමු කාර්ය වී ඇති සමාජයට ඇවැසි එක් සත්‍යයක් ඔබ විසින් මැනවින් පසක් කර ගෙන තිබේ.

"ධර්මය වටහාගත හැකි
සත්‍ය සුන්දර බව දැකගත හැකි
උත්තර සමාජයක් ගොඩ නැගුමේ මුල් පියවර
කෑමෙන් බීමෙන්
ඇඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීමය"

"නොමියෙමි"යි කී,නොමියෙනා මේ සොඳුරු මිනිසා අප හදවතේ මවන මේ සංකල්පනාව කොතරම් සංවේදී රිද්මයක්ද?.අමරදේව ශූරීන්ගේම මේ හඬට සවන් දෙන්න.

සේකර ඔබ සැබැවින්ම නොමියෙනා මිනිසෙකි.

(ලහිරු ප්‍රභාත් හෙට්ටි ආරච්චි)
13-කලා



6 comments:

siridasa said...

හසරැල්ල............

නොනිමි දොලොස් මහේ පහනක් සේ සද නැති
‍‍‍‍‍‍‍...........අමාවකට පසු ...............
සංස්කාරක ඔබට පෙරවදනක් මෙසේ ලිවීමට සිතුවෙමි.
තරු පත් අතරින් ඇදෙන සිහින් ආලෝක ධාරාවක්සේ
ථේරපුත්ත දූ පුතුන්ගේ බ්ලොග් සටහන නිරන්තරව පෙරගමන
සිටින බව සක් සුදක්සේ පැහැදිලිය......
විවිද වූ සුන්දර ආකල්ප වලින් පිරි මෙම සටහනේ කතු වැකියක්ද
පලවේනම් අගනේය . ඒ මෙම සටහන තවත් අලංකාරවත් වීමටය.....
සසර ගමනේ එකට අකුරු කරනා මගේ නංගි මල්ලියේ දිනෙන් දින
නවමාවතකට ඇදෙනා මෙම සටහන ජයග්‍රහනයේ මාවත වේවායි මාගේ එකම පැතුම......

ආදි ශිෂ්‍ය
පරිගණක උපදේශක
පී . ඒ . තරංග ස‍‍දකැළුම්
ළමා සම්පත් මධ්‍යස්ථානය
හම්බන්තොට
+94 723 580 822
patsandakelum@yahoo.co.in
patsandakelum1986@gmail.com

මිලින්ද said...

සේකර තරම් සමාජය දිහා විවෘත ඇසකින් බලපු කලාකරුවෙකු තවත් නැති තරම්. ඒ වගේම ඔහු එදා ප්‍රබුද්ධ හරහා කියූ දේ අද සමාජයට අන් කවරදාටත් වඩා ගැලබෙනවා. අපේ පාසැල් යන මල්ලිලා සේකර වැනි උදවිය ගැන මෙසේ ලිපි ලිවීමත් සතුටට කාරනයක්. ඔබට ජය!

siridasa said...

අපේ පුරාණය..........
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාශය වන සිංහල ජනයාගේ මවු බස සිංහල වෙයි. එසේ වු ව ද අද වන විට මිලියන 16 කට අධික සිංහල සහ සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිතා කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙලි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි..
සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ක්‍රි.පූ. 500දී පමණ විජයාගමනයෙන් ලැඛුණු බව සමහර සෙල්ලිපිවල හා මහාවංශයේ සඳහන් වේ. එහෙත් විජයාගමනයට පර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.
සිංහල සාහිත්‍යය සැළකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බුදු දහමෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම වචන ද ඇතුළු වී ඇත.
ක්‍රි.ව. 20වන ‍ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඪිදු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ කීතු දිනමිණ පුවත් පතෙහි ප්‍රසිද්ධ කතුවරයෙකි)
සිංහල අක්ෂර ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්‍රාහ්මීය අක්ෂරවලින් පැවත එන්නකි. සිංහල හෝඩියේ අක්ෂර 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ද සදහන්ව ඇත.
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින්ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙන භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.
ආදි ශිෂ්‍ය
පරිගණක උපදේශක
පී . ඒ . තරංග ස‍‍දකැළුම්
ළමා සම්පත් මධ්‍යස්ථානය
හම්බන්තොට
+94 723 580 822
patsandakelum@yahoo.co.in
patsandakelum1986@gmail.com

siridasa said...

සැරිසර ................

නොයිදුල් පැතුමකින් සටහනට අරුතක් තැබූ සහෘර්ධ නුබට.....
ථෙරපුත්ත විදු මෑණියගේ සාහිත්‍යධර දයාබර නුබගේ
ඉදිරිගමනට මෙයද පෙරවදනක් වන්නේයයි මා සිතමි.
නුබගේ කුසලතා ඔපනංවන මෙම බ්ලොග් සටහන සහිත්‍යධර ඔබගේම
නිමැවුමකි. එහිද තිබියයුතුවේ අනන්‍යතාවය මෙය සැබවින්ම ථේරපුත්තයින්ගේ බව..
නිසැකවම මා සිතණුයේ මෙයද මෙහි අඩංගු වූවානම් එයද මෙහි අලංකාරය කියාය.
ජයග්‍රහනයේ මාවත කරා දිනෙන් දින පියමනින පාසල් සාහිත්‍ය සංගමගේ නිල සැසිවාරයන් පිළිබද සටහනක්ද මෙහි ඇතුලත්කර එහි දසුන් කිහිපයක්ද ලොවට දැක්වීමට හැකිනම් අගනේය.
එවිට තවතවත් ථේරපුත්තයින්ගේ බ්ලොග් සටහනට කළා කුසලතා හිමි ‍සහෘරධයින් අදහස් දක්වනවා නොඅනුමාණය. තවද කිවයුතු එක් කරුණකි ..... මෙම සටහනෙහි පරිශීලකයින්ගේ යෝජනා චෝදනා සතුටු සිතින් පිළිගන්න අමතක නොකරන්න . කෙබදු හෝ වචනයක නුබගේ ජයග්‍රහනය තිරසාර වශයෙන්ම සැගවී ඇත . එබැවින් යම් අඩුපාඩුවක් යම් අයෙක් පෙන්වාදුනහොත් එය නිවැරදිනම් නොපමාව සංස්කරණය කරිම සංස්කාරක ඔබගේ වගකීමකි. ජංගම දුරකතනයට බිලි වූ කුමරිය. මෙයට කදිම නිදසුන වේ. මෙහි අරුත පැහැදිලිකිරීමට ඔබට හෝ මටහෝ අදහස් දක්වන කිසිවකුට නොහැක. ඒ එකිනෙකා දරන ආකල්ප සහ සිතුවිලිමත අදහස් ගොණුවී ඇති බැවිනි. එහෙත් ඔබ මෙයට නිවැරදි පිළිතුරක් සැපයිය යුතුය. ඒ සදහා ණුබට නීති සහාය පැතීමටද සිදුවනවා නොඅණුමාණය... ඒ සදහා පොලිස් ළමා හා කාන්තා කාර්ය්‍යංශයේ සහාය ලැබියයුතුය. එවිට මෙම මතවාදය සදහා සංස්කාරක ඔබ දෙන නිවැරදි පළිතුර එයම වෙයි.එවිට තවත් අදහස් දැක්වීමෙන් පලක්නැත.
සුභ දිනක්...................
ආදි ශිෂ්‍ය
පරිගණක උපදේශක
පී . ඒ . තරංග ස‍‍දකැළුම්
ළමා සම්පත් මධ්‍යස්ථානය
හම්බන්තොට
+94 723 580 822
patsandakelum@yahoo.co.in
patsandakelum1986@gmail.com

ථෙරපුත්ත ජාතික පාසල said...

ඔබේ යෝජනා හා අදහස් අපට නොමඳ ශක්තියක්.තව දුරටත් අප හා රැ‍ඳෙන්නට ආරාධනා.

සිංහල ගී පද මාලා said...

මහගම සේකර මහතා වෙනුවෙන් පවත්වාගෙන යන නිල වෙබ් අඩවිය

http://www.mahagamasekera.org

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.