කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

8/19/09

ශ්‍රී ලාංකේය චිත්‍රපට කලාව.

" ජීවිතය රග මඬලකි. අපි එහි නළු නිළියෝ වෙමු. "

යැයි ප්‍රකට කියමනක් අසා ඇත්තෙමි. එසේ නම් ඒ නළු නිළියන් අතරෙනුත් අති දක්ෂයන් මුලු මහත් ලෝකයා හමුවේ පෙන්වන්නා වූ අති ප්‍රබලම කැඩපත චිත්‍රපට කලාවයි. චිත්‍රපට කලාව වූ කලී ශ්‍රී ලාංකික අප හටද ආගන්තුක වූවක් නොවේ . " කඩවුණු ‍පොරොන්දුවෙන් ඇරඹී....රන්මුතු දූවෙන් ඔප වැටී..... රේඛාවෙන් නියම මගට වැටුණා වූ අති සුන්දර චිත්‍රපට ඉතිහාසයක් අපට උරුමව ඇත .

නමුත් අන් බොහෝ කාරණෘවලදී මෙන්ම චිත්‍රපට කලාවේ මුල් යුගයේදීද බිහි වූ බොහෝමයක් සිංහල චිත්‍රපට අමු අමුවේම හින්දි කොපි බවට පත් විය. බොහෝ විට ඒවායේ ඇතුළත් සංගීතයේ සිට... රංගන වින්‍යාස දක්වාම හින්දි කොපියක් බවට පත් වි තිබුණි. නමුත් " හැමදාමත් හැමදෙයක්ම එකලෙසින් නොපවතී " යන කියමන පසක් කරමින් එම තත්වය කාලයත් සමගින් වෙනස් විය. ලාංකිකයන් චිත්‍රපට කලාවේ භාරදූර කාර්යයන්වලට අත ගැසීමත් සමගින් වාණිජමය හා කලාත්මක යන චිත්‍රපට අංශ දෙකෙහිම අදිසි පිබිදීමක් ඇතිවූ අතර එහි උච්ඡතම අවස්ථාව 70 දශකයයි. 70 දශකය වන විට චිත්‍රපට රංගනයට , අධ්‍යක්ෂනයට , නිෂ්පාදනයට මෙන්ම චිත්‍රපටවල සංගීත අංශය සඳහාද අතිදක්ෂයින් පිරිසක් මෙරට තුළ නිර්මාණය වී තිබුණි. එහෙත් තව දුරටත් චිත්‍රපටවල දෙබස් හඩ කැවීම් ඇතුළු තාක්ෂණික අංශයේ බොහෝමයක් කරුණු සපුරා ගත්තේද භාරතය තුළදී ය. මේ යුගයේත් යම් යම් අවස්ථාවල හින්දි ආභාෂයෙන් යුතු චිත්‍රපට මෙරට බිහිවිය.

කෙසේ වුවද අද පවා හඳුන්වන්නා වූ චිත්‍රපට කලාවේ ස්වර්ණමය යුගය වන 70 දශකයෙන් පසුව උදා වූ 80 දශකය ශ්‍රී ලාංකීය චිත්‍රපට කලාවට එතරම් සුබදායක නොවීය. එවකට ශ්‍රීලංකාව තුළ පැවති දේශපාලන හා ආර්ථිකමය රාමුව කිසිසේත්ම සාර්ථක චිත්‍රපට කලාවක් රඳා පැවතීමට නොසෑහුනි. මේ හේතුවෙන් බලා සිටියදීම අපේ නෙතුමානයෙන් ශ්‍රී ලාංකේය චිත්‍රපට කලාව බිදී විසිරී යන්නට විය. නොසිතූ මොහොතක අපේ චිත්‍රපට කලාවට ගිම්හානය උදා විය. මෙම ගිම්හානය 80 දශකය අගභාගයේ සිට නවසියවස ඇරඹෙනතුරුත් පැවතුනි.

නමුත් පුරන්ව ගියා වූ සිනමාකෙත යලිත් සාරවත්ව අස්වද්දන්නට නව සහශ්‍රය තුළ සිනමාවට පිවිසියා වූ නවකයන් මෙන්ම උදා වූ සහශ්‍රයත් සමග යලිත් කරලියට බට ප්‍රවීණයන් බොහෝ දෙනෙකු ද උත්සුක විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපට කලාවක් කෙමෙන් ගොඩ නැගෙන්නට විය. ඒ ඇසුරෙන් බිහි වූ බොහෝ චිත්‍රපටයන්ට ජාත්‍යන්තරයේ යම් සීමාවන් ජය ගැනීමට ද හැකි විය. මේ තත්වය මෙලෙසින් පවතිද්දී පසුගිය අවුරුදු දෙක තුනක කාලයේ නැවතත් ඉන්දියානු ආක්‍රමණයක් දැකගත හැකි විය. නමුත් ඒ ආක්‍රමණයන්ට නිසි පිළිතුරු චිතුපට කලාවෙන්ම ලබා දෙන්නට 100% යක්ම දේශීය වූ අපේ නිර්මාණකරුවන්ට හැකි විය.

ලෝකයේ චිත්‍රපට කලාව හා සසඳද්දී තාක්ෂණය , රංගන වින්‍යාස සංගීතය යන අංශවලින් අප තවමත් ඉන්නේ ආරම්භක අඩියක වුවද මේ යන ගමන මෙලෙසින්ම ඉදිරියට ගලාගියහොත් අපේ රටේ සිනමාවේ හෙට දවස එතරම් කළුවර නොවනු ඇතැයි විශ්වාසයක් මසිතේ පවතී.

රසාරා නිර්මාණි ජයකොඩි.
13- A
කලා.

No comments:

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.