කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

8/14/09

පුරවරක සිරි

ලංකාව කියන පුංචි කොදෙව්වේ දකුණු පළාතේ කෙළවරට වෙන්න පිහිටලා තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කය නැත්නම් ගිරුවා පත්තුව කියලා එදා හදුන්වපු මේ මහා ප්‍රදේශය හරිම පුදුමාකාරයි.

අතීත , වර්ථමාන නායකත්වයන් බොහොමයකින් සශ්‍රීක වුන මේ භූමිය ග්‍රාම්‍යත්වයේ සොදුරු බව තවමත් ඉතුරුවෙලා තියෙන , ගැමි සුවද තවමත් වහනය වන ප්‍රදේශයක් කිව්වොත් මම හිතන්නේ මම හරියි කියලා.

වලව ගං කොමලියගේ සිසිලසට තිස්ස වැව් තාවුල්ලේ පහසත් , තිස්ස වෙහෙරේ කොත් කැරැල්ලේ ආලෝකයත් එකතු වුන මේ අපූරු පින් බිමේ දුටුගැමුණුලා , ථෙරපුත්තාභයලා වගේ කොතරම් නම් වීරයෝ එදා මෙදා තුර බිහි වෙන්න ඇත්ද? ඒ බිහි වෙච්ච වීරයොත් පෝෂණය වුනේ මේ මහා සාර පොළොවේ පල දරපු කුරහන්වලින් එහෙමත් නැත්නම් අලුත් සහලෙන් .

ඒ වගේමයි අදවන විටත් විවිධ ක්ෂ්‍රේත්‍රවල නියුක්ත ටෙච්ච දැනඋගත් උදවිය බොහෝ දෙනෙක් බිහි කරන්නත් මේ පුරවරයට හැකිවෙලා තියෙනවා. මතක තියා ගන්න. අද කොතැනක සිටියත් ඒ බුද්ධිමතුන් හැම කෙනෙකුගෙම මූලාරම්භය මේ පුණ්‍ය භූමිය වග.

ගිරුවා පත්තුව කියලා කියන්නේ ස්වභාදහම අතිනුත් ලොකු ලොකු වෙනස්කම්වලින් පිරි ස්ථානයන් දැකගන්න පුළුවන් ප්‍රදේශයක් නේ ...

ලංකාවේ තෙත් බිම් ගැන කතා තරන කොට මුලින්ම කතා වෙන බූන්දල රැම්සා තෙත් බිම, යාල ජාතික වනෝද්‍යානය කියන අතිසුන්දර භූමීන්ගේ භාරකාරත්වය හිමිවෙන්නෙත් මේ සොදුරු පුරවරයට.ලංකාව පුරාවටම විහිදුන වෙරළ තීරයේ අතිසුන්දර ස්ථානයන් බවට පත් වෙච්ච හුම්මානය, උස්සන්ගොඩ , කිරින්ද වගේ දේශීය මෙන්ම විදේශීය වශයෙනුත් බොහොම ප්‍රකට වෙච්ච ස්ථාන තියෙන්නෙත් මෙහේ තමයි. සමහර විට ඔයාලා මේ තැන් බලන්න ඇවිල්ලත් ඇති.

බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍රවුන තිස්ස වෙහෙර ,සිතුල් පව්ව , කිරින්ද පින් බිම වැදපුදා ගන්නත් ඉතින් මේ පැත්තෙම එන්න ඕන. ඔය හැම දේ අතරෙම මහා සංවර්ධන සංග්‍රාමයේ මීලග අගනරය ලෙසින් පත්වෙලා තියෙන්නෙත් මේ මහා පුරවරයම තමයි.හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදිවෙද්දි , මත්තල ගුවන් තොටුපල ගොඩනැගෙද්දී අදටත් වඩා මේ සුන්දර පුරවරය ගැන ගොඩදෙනෙක් කතාබහ කරාවි.

ප්‍රාග් ‍‍ෛඑතිහාසික යුගය ගැන කතා කරන කොට අද වන විට හුංගම, රන්න ,තිස්සමහාරාම කියන ප්‍රදේශවලින් ලංකාවේ අතීතය ගැන මහා දුරකට විහිදෙන කරුණු කාරණා බොහොමයක් ගැන හොයා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.ඒවා එකින් එක ගැන විග්‍රහ කරන්න ගියොත් නම් ඉතින් මේ බ්ලොග් එකත් මදි.

දත්තවතේ , " සුනාමිය කියන මහා ඛේදවාචකයෙන් අපි ගොඩ දෙනෙක් ඇදගෙන වැටුනා, ඔව් අපි ගොඩදෙනෙක් හරිම දුක්බරවිදිහට අසරණ වුනා. මේ ගිරුවාපත්තුව විශාලා මහනුවරක් බවට පත්වුනා. ඒත් " හිත ඇත්නම් පත කුඩාද?" කියන සංකල්පනාව තවතවත් මිනිස් හදවත්වලට ඒත්තු ගන්වම්න් අපි පුරවරයක් විදිහට යළි නැගී සිටියා. ඒ අපේ ශක්තිය. ඵලබර වුන කුරහන් කරල්වල සිරිසිරියයි , නැවුම්ම නැවුම් කිරි මුට්ටියේ පහසයි අත්විදින්න නම් ඉතින් මෙහේම එන්න ‍ඕනේ .

එදා ඉදන් අද වෙනකල් චිරාත් කාලයක් ගැමි සුවදත්, අලුත් ලෝකයත් අතරේ පෙරට ආපු මේ ගිරුවාපත්තුව කද සුරිදුන්දුන්ගේ පිහිට ආරක්ෂාව මැදින් ලෝකයටම සුන්දර මතකයන් ගෙනෙනා පුරවරයක් ලෙසින් ඉදිරියට යන බව නම් ඉර හද වගේ විශ්වාසයි .

සැ.යු ( ගිරුවාපත්තුව ගැන කල අංශුමාත්‍රික විමසුමකි.)

රසාරා නිර්මාණි ජයකොඩි
13-A
කලා

2 comments:

kesh said...

අද තමයි මම මුලින්ම මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. සන්තෝසයි මගේ ගමේ නංගිල මල්ලිල එකතු වෙලා මේ වගේ බ්ලොග් එකක් ලියන එක. ඒකට ඉත සිතින්ම මම සුභ පතනව.

Anonymous said...

රූ සිරි වරැණ

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.