කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

8/4/09

හොදම කාලය

" අද මේ ළමයින්ගේ කාලය මොනවගේද කියන්න මට නම් තේරෙන්නේ නෑ. විච්චූරන නාඩගම් හැම තැනම. ඒ වගේද අපේ කාලේ කොච්චර නම් අගේද? අද මේ දරැවෝ අදින ඇදුම් , අහන සංගීතය බලන වැඩ සටහන් , වැඩිහිටියෝ එක්ක හැසිරෙන විදිය නම් හරිම සවුත්තුයි . මට නම් තේරෙන්නේ නෑ මේවා ඔය විදිහට ගිහින් කොහෙන් කොහොම නවතියිද කියලා . කාලේ වැරැද්ද තමයි ඔය..."

අපේ අම්මලා තාත්තලා ඔහොම කියනවා ඔබ අනන්තවත් අහලා ඇති. ඇතැම් විට මෙය දවස ගානේ ගුවන් විදුල්යෙන් ඇසෙනා විශේෂ දැනුවත් කිරීමක් වැනිය. එනිසාවෙන්ම මේ ගැන සිතිය යුතුයැයි මටද සිතුනි. ඔවුන් සිතන්නේ ඔවුන් ගත කලළමා හා තරුණ කාලය තරම් සුන්දර යහපත් තරුණ කාලයක් නැතැයි කියාය. එහි කිසිදු වරදක් නැත. නමුත් ඔවුන් ඒ යුගය ගත කරද්දී ඒ අයගේ දෙමාපියන්ද , ඔවුන් අද අපිට පවසන දේම පැවසුවාට සැක නැත.

ඇතැම් විට අම්මලා තාත්තලා අපිට එසේ අවවාද දෙද්දී " අනේ උඹලත් ඔය වයසේදි ඔයිටත් වඩා දේවල් කරා නොවැයි." අපේ ආච්චිලා සීයලා පවසන්නේ ඒ නිසා විය හැක.අද මෙලසින් කීවද අනාගතයේ යම් දවසක අපද වැඩිහිටියන් වූ යුගයක ඔය වාග් මාලාවම අප විසින්ද අපේ දරුවන්ට කියනු ඇත. එදාට අපිට අපගතකල ළමා හා තරුණ කාලය තරම් සුන්දර ලෙස අපේ දරුවන්ගේ යුගය නොගෙවෙනු ඇත.

මේ සිදුවීම එදත්, අදත්, හෙටත් ‍වෙනසක් නොමැතිවම සිදුවනු ඇත. ඒ අයට තමා ගතකල ළමා කාලය තාරුණ්‍යය තරම් සුන්දර යුගයක් තවත් නැත . එනිසාම තමාගේ ජීවිතේ ඒ ඒ යුගයන් ගැන පවසමින් වත්මන් යුගයේ අඩුපාඩු දැකීම වරදකි . මන්ද උදාවන හැම යුගයකින්ම ගත යුත්තක් තිබෙන නිසාවෙනි .

රසාරා නිර්මාණි ජයකොඩි.
13-A
කලා.

2 comments:

budhajeewa said...

[said:author]
එදාට අපිට අපගතකල ළමා හා තරුණ කාලය තරම් සුන්දර ලෙස අපේ දරුවන්ගේ යුගය නොගෙවෙනු ඇත.
[/said]
ඒක ඒ ඒ අයගේ දර්ශන කෝණයට සාපේක්‍ෂයි. ඔබට අනාගතය "සුන්‍දර" නොවුනත්, ඔබේ දරුවන්‍ට එය "සුන්‍දර" වනු ඇති.

"සුන්‍දර" යන වදන පැහැදිළි ලෙස අර්ථ දැක්විය නොහැකි වීමත් ගැටළුවක්.

Anonymous said...

කතාව ඇත්ත...කාලයත් එක්ක අපි දකින දේ...දැකපු දේ ගැන අපි කියන ඒවා කරන ඒවා වෙනස් වෙනවා....මම හිතන්නේ මේක මිනිස් ස්භාවය...අපි දකින්නේ...හිතන්නේ..කතාකරන්නේ...සාපේක්ෂව...

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.