කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

8/4/09

පොත් අඩුවේ ගුල්ලන් වැඩිවේ.

නූතන අධ්‍යාපන රටාව සියයට සීයක්ම තරගකාරීය. එය අවිවාදයෙන් පිලිගත යුත්තකි. මේ හේතුව නිසාවෙන්ම බාලාංශයේ සිට දරුවන් හට අධ්‍යාපනය වෙනුවෙන් මහා වෙහෙසක් දැරීමට සිදු වී තිබේ. රටක තරගකාරී අධ්‍යාපනයක් පැවතීම යහපත්ය. නමුත් තරගකාරී අද්‍යාපනය නිසාවෙන් සිදු වූ මහා විනාෂයක්ද නිරතුරුව ශිෂ්‍ය ප්‍රජාව කෙරෙන් දැක ගත හැක.

දෙමාපියන් සිතන්නේ තරගකාරී අධ්‍යාපනය තුලදී දරුවන් පොත පතේ දැනුමට සීමා විය යුතුයැයි යන පටු හැගීමෙනි. එනිසාවෙන්ම කොතරම් කැමැත්තෙන් පාසලේ බාහිර ක්‍රියා කාරකම් සදහා පිවිසෙන්නට දරුවන් උත්සාහ කලද දෙමාපියන්ගෙන් ඒ සදහා ඉඩ ප්‍රස්තාව අහිමි වී යයි.

මේ හේතුව මත දැන හෝ නොදැන දරුවන් පොත පතට පමණක් සීමා වේ. ඉන් ඔබ්බට ගියා වූ ලොවක් ඔවුන්ට නොමැත. ඔවුන්ගේ ලෝකය ගොඩ නැගෙන්නේ පොත පතින් මිස අන් කිසිවකින් නොවේ .මෙලෙසින් දිගින් දිගටම දරුවන් පොතේ දැනුමට පමණක් සීමා වූ විට බිහිවන්නේ " පොතේ ගුරෙකි. " පොතේ ගුරු වූ කලී පොතක් දෙස බලා ගෙන එහි ඇති දෑ කියවාගෙන යන්නෙකි . පොත පතට හිර වූ දරුවන්ද එසේමය. පොතෙන් පිට සමාජීය දැනුමක් ඔවුන්ට නැත.

එනිසාවෙන්ම ඔවුන් ලෝකය දකින්නේ පටු ඇසකිනි . එවැන්නන් හට නූතන සමාජයට අනුගත වීම අපහසුය. මන්ද නූතන සමාජය වූ කලී පොතේ දැනුම නොව ඉන් ඔබ්බට ගියා වූ දෛනික ජීවිතයේ ප්‍රායෝගික දැනුමද සම්මිශ්‍රනය වුනා වූ ඒකකයකි . ඉදින් පොතට පතට පමණක් සීමා වූ ඔවුන් සමාජය තුලදී පසෙකට තල්ලු වී යන්නේ බොහෝ විට ඔවුන් කිසිදු දෙයක ප්‍රායෝගිකත්වයක් සජීවී බවක් අත්නොවිදින නිසාවෙනි.

වර්ථමානය වන විට බහුතරයක් වූ අපේ ශිෂ්‍ය ප්‍රජාවට සිදු වී ඇත්තේද මෙයමය. මෙය රටේ හෙට දවසට හොද ලකුණක් නම් නොවේ . රටක සංවර්ධනයට පොත පතේ දැනුමපමණක් නොව සාමාජීය මෙන්ම, ඕනෑම කරුණක් පිලිබදව ප්‍රායෝගික දැනුමකුත් අවශ්‍යය. නැතිනම් සිදු වන්නේ අසීමාන්තිකව වනපොත් කරනා ශිෂ්‍ය ප්‍රජාවක් හමුවේ රටේ සංවර්ධනය අඩාල වීම පමණකි . එසේ වුවහොත් අපේ රටේ අනාගතයට හොද පොතක් පෙරලෙනු ඇත.

රසාරා නිර්මාණි ජයකොඩි.
13-A
කලා.

3 comments:

ඉෂාන් said...

ඔබ පවසන දෙයට 100% එකඟ වන නමුත් ගලන ගඟක ඉහල පිහිනීම අපහසු දෙයක් බවත් සටහන් කරන්න හිතුනා. ඒක නිසා පවතින සමාජ රටාවෙන් පිට නොපැන එහෙත් එයට අවිඥානකව අනුගතද නොවූ මැද මගක් සොයාගැනීමට ඔබට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.

අන්තර්ජාලය සමග පාසලක් ලෙස සම්බන්ධවීමට අප නොලද අවස්ථාවක් නව පරපුරට ලැබී තිබීම ගැන ඇත්තෙන්ම සතුටුයි. අන්තර්ජාලය නිර්මාණත්මක කටයුත්තකට යොදාගෙන තිබීම ගැන එයටත් වඩා සතුටුයි.

ඔබට දැන ඉගෙන ගැනීමට යමක් ඇත්නම් බ්ලොග් සටහන් තුලින්ම විමසන්න. උදව් කිරීමට කැමති අය ගොඩක් මේ බ්ලොග් සටහන් කියවනවා.

රංග වීරක්කොඩි said...

මේ ඉන්නෙ පොතේ ගුරා http://www.baiscopelk.com/

siridasa said...

සිතින් පතන්නෙමි පැතුමක්......

නැගනියේ නුබේම පාසලේ සහෝදර සිසුවකුව සිට් අවදියේ මා
පෙරූ පිරැමන් තොරතුරැ තාක්ෂණය හැදෑරිමට....
නොහැකිවූවද පහසුකම් නොතිබූ බැවින් හදාරන්නට
දුකක් නැත නැගනියේ .... අද මා පරිගණක අංෂයේ ගුරැවරයෙකි.......
අපට නොමැතිවූ ඒ සම්පත ලැබු නුබ ..........
හෙට දිනේ එලියවන අරැනැල්ල ජීවිතේ ජයගන්න නිබදවම සාර්ථක
අත්වැලක් වෙණු නියතයි ......
අතීතයෙ සමරැ සටහන් මැදින් වූවද
මා පාසල් කාලයේ සිප්සතර හැදෑරු මගේ ගුරැමෑණි වරුන් පියවරුන්
සිහිකරමි බැතිසිතින්...........
පරිගණක උපදේෂක‍ කෙනෙකුව සිටින මා
යම්දිනෙක පාසලට අවශ්‍යයි හැගුණහොත් පිළිලන්නෙමිය ඇරයුම සතුටින්...
නව අරැනැල්ලේ තරණයකරණ නුබට
සුභ අනාගතයක් නැගණියේ.......

ආදිශීෂ්‍ය
පී. ඒ. තරංග සදකැළුම්
ලන්දෙවත්ත
මාමඩල
අම්බලන්තොට

+94 723 580 822
patsandakelum@yahoo.co.on
patsandakelum1986@gmail.com

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.