කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/31/09

ජීවිතයට ආදරය කරන්න

ජීවිතේ හරි අමාරු කාලවල් ආවහම කඩා නොවැටි ඉදිරියටම යන්න නම් අපි අපේ ජීවිත ශක්තිමත්ව ගොඩ නගා ගෙන තියෙන්නම ඕන. ජීවිතේ ප්‍රශ්ණ කවදා කොයි විදිහට ඒවිද කියන්න කව්ද දන්නේ ? අන්න ඒ නිසාම පාසල් කාලෙදිම අපි අපේ ජීවිත මොන විදියට ගොඩ නගාගන්නවද කියන එක තීරණය කරන්න ඕන. හැබැයි ඉත්න් අපි වටේ ඉන්න ගොඩ දෙනෙක් අපි ජීවිත ගොඩනගාගන්න හදන කොට අපේ කකුලෙන් ඇදලා අපව බිම වට්ටන්න හදන අය කියලත් තේරුම් අරගෙන ඉන්න එක වැදගත්. ඒ විදියට අමාරුවෙන් හරි ජීවිතය ගොඩ නගා ගන්නේ නැතුව " අනේ බං මේ ජොලිය තව ටික කාලයයි නේ තියෙන්නේ කියලා " ජීවිතේ තීරණාත්මක කඩඉම් පහුකරන මේ කාලේ හදවතට ඕන හැටියට ජීවිතේට රස්තියාදු ගහන්න දුන්නොත් නම් හැමදෙයක්ම එතනින්ම ඉවර වේවි.

තවත් එකක් , මුල ඉදලම ඔයාලගේ ජීවිතේ ගොඩනැගෙන විදියට ඔයාලගේ මිත්‍ර සමාගමත් ප්‍රබලවම බලපානවා. ටිකක් විතර විපරම් කරලා බලන්න අධ්‍යාපනය අතින් ,බාහිර ක්‍රියාකාරකම් අතින් සාර්ථක වෙන හැම කෙනෙක් පිටිපස්සෙම හොද මිතුරු නඩයක් ඉදලා තියෙනවා. ඒක අපි අපේ ජීවිතවලටත් ආදර්ශයක් කරගත යුතුයි . මොකද , අපාය සහයලා , වචීපරමලා එක්ක ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමේ මේ මහා මෙහෙයුම දියත් කරන්න බැරිනිසා.

ඒ වගෙමයි ජීවිතය ගොඩනගා ගන්න යන මේ ගමනෙදි හැම වෙලාවකම අරටුවක් සහිත තීරණ ගන්න අපට පුළුවන් කමක් තිබිය යුතුයි.ඒ හැකියාව පෞරුෂය මුල ඉදලාම අප තුල ඇතිකර ගත යුතුයි. මොකද ඒක ජීවිතය ගොඩනගා ගැනීමේදී බලපාන ප්‍රබල සාධකයක් නිසා.

ඉතින් ඔය හැම දෙයක්ම සම්පූර්ණ කරගෙන ඔයාලා ඔයාලගේ ජීවිතය අනාගතයේ දවසක ගොඩනගාගත්තා කියමුකෝ හැබැයි ඉතින් එහෙම ගොඩනගාගත්තු ජීවිතේ ඒ විදිහට ගොඩනගා ගන්න පටන් ගත්තු විදිහ, ඒ පටන් ගැන්මට තමාට දිරි දුන්න අය අමතක කලොත් නම් ඉතින් උදේ ඉදලා වතුර ඇදලා හවස මුට්ටිය බිදගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ .

අනේ කිසිම කෙනෙක් එහෙම නම් වෙන්න එපා .මොකද අපි අපේ ජීවිත ගොඩනගා ගන්නවා වගේම හදවතත් පිරිසිදුව නිර්මලව ගොඩනගා ගත යුතුයි . එහෙම වුනොත් විතරයි යාළු අමාරුවෙන් ගොඩලගා ගත්තු ජීවිතේ වරිච්චි නොගැලවී තියෙන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතේ දැන්ම ඉදලම හෙමි හෙමින් ගොඩනගා ගන්න . එහෙම ගොඩනගා ගත්තු ජීවිත කල් පවතිනවා.

සේපාලිකා මල්
ඉක්මනින් පිපෙනවා
ඒ ඉක්මනින් පරවෙනවා......
පොල් මලක් පූදින්න කාලයක් යනවා
එසේම පොල් මලක් කාලයක් පිපී තිබෙනවා.

මේ දහම ජීවිතයටත් යටත්.

රසාරා නිර්මාණි ජයකොඩි
13-A
කලා

No comments:

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.