කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/31/09

Friendz Club

ජීවිතයේ සුන්දරම කාලය පාසල් කාලයයි. මතකයන්ගෙන් පිරුනු මේ කාලයේ අපිට කොයි තරම් මිත්‍රයේ ඉන්නවද? ඒත් ඒ හැම කෙනෙක්ම අපේ හොදම මිතුරෝ වෙන්නේ නැහැ. ජීවිතයට සමීප කල්‍යාණ මිත්‍රයෝ ඉන්නේ බොහොම පොඩ්ඩයි. ජීවිතයට හමුවන මේ මිත්‍රයෝ හරියට අපේ ජීවිතේ වගේ. එක යාළුවෙකුට කරදරයක් දුකක් ඇති වුනොත් මුලු friendz club එකටම ඒ දේ දැනෙනවා. එවන් වූ මිත්‍රයෝ ටිකක් ගැන තමයි මේ කතාව.

මේ කණ්ඩායමේ ඉන්නේ සාමාජිකයෝ පස්දෙනයි. නියම යාළුවෝ. මාර වැඩ තමයි කරන්නේ .උදේට කස්ටිය ආවට මග දිගට කතාව. කතා කොයි තරම්ද කිව්වොත් බෑග් එක තියන්නත් මේ අයට අමතකයි. ඊට පස්සේ ඉතින් පංතියට ඇවිත් කරන්නෙත් කතාව . හරියට නිකන් ළිද ලග සංගමය වගේ. කස්ටිය හිතනවා ඇති මේ අයට නම් පිස්සු කියලා. කොටින්ම කිව්වොත් මටත් එහෙම හිතෙනවා.

ඊලගට ඉතින් කට්ටියට බඩගිනි වෙන වෙලාව .ඉතින් කට්ටිය කැන්ටින් යන්නයි හදන්නේ . කට්ටියගේ ප්‍රියතම කෑම තමයි ආප්ප. කන්න ගියාම මුන්ට කොච්චර කෑවත් මදි. කනවා කනවා ඉවරයක් නෑ . කන එකේ සීමාවකුත් නෑ. හැමදාමත් වගේ යන්න හදලා බලද්දි තමයි දැනුනේ කට්ටියට කන්න සල්ලි මදි කියලා. ඉතින් දැන් හිගමනේ යනවා. හිගමනේ යන වැඩේ තමයි මරු. මුල්න්ම අපි හිගමනේ යන්නේ අපේ යාළුවෝ ලගට. බැරි වුනොත් ඊලගට යන්නේ ගුරුවරු ලගට. කොයි තරම් අපි හොදද කියනවානම් අපේ හිත හොද තරමට ගුරුවරුත් අපට සලකනවා. සමහර දවස්වලට හිගමනේ යාම හරියන්නෙත් නැහැ. ඉතින් ඔන්න කමක් නෑ කියලා කැන්ටිමට ආවා. අපි ඉතින් daily customersla කියලා ඔන්න ඔහේ කැන්ටිමට පොල්ල තියනවා . ඔන්න ඔහොමයි අපේ ගැන් එකේ වැඩ.

මේ ගැන් එකේ තුන් දෙනෙක්ම ලොකු තානාන්තර දැරුවට මුන් ඔක්කොටම කොන්දක් පනක් නෑ. ගුරුවරයෙක් ලගට ගියොත් ඔක්කොම කැද හැලි වෙනවා. හැබැයි ඉතින් හැම දේකදිම වගේ මෙතනත් Hero කෙනෙක් ඉන්නවා හැම දේටම මුහුණ දෙන්න.

අපේ එවුන්ගේ වැඩේ කොල්ලන්ට පැණි පෙරන එක. ඒකත් සම වයසේ එවුන්ටවත් අයියලාටවත් නෙමෙයි ....මල්ලිලාට. ( අනේ මෙහෙම කෙල්ලෝ. බාල අපරාද කරන්න එපා . මල්ලිලා මේ අයගෙන් ප්‍රවේසම් වෙන්න) . අපේ එවුන්ගේ පැණි පෙරිල්ල කොච්චරද කියනවානම් බලාපොරොත්තුව උප්පැන්නේ වෙනස් කරලා හරි සෙට් කරගන්න.

මේ ටීම් එකේ දෙන්නෙක් විතර බූට් පාර කාලා ඒ වෙනුවෙන් තාම අඩනවා. පරම පිවිතුරු ප්‍රේමයනේ ඉතින් . පව් වැඩේ අපි හැම තිස්සෙම ඒ අය සනසන්න උත්සාහ කරනවා. ඒක තමයි නියම මිත්‍රත්වය.

තව හොද හොද පිස්සු වැඩ මේ අය කරනවා . ඒවා අහන්න ගියොත් එයාලට පිස්සු හැදෙයි. මොනවා වුනත් මේ Friendzla හිත හොද gang එකක්. ආශ්‍රය කලොත් ආයේ කවුරුවත් මේ අයව අතාරින්නේ නම් නෑ. මේ අය කවදත් හිත හොද කෙල්ලෝ!

W.O.N ජයමුතු
13- A
කලා

2 comments:

Anonymous said...

මටත් බැරිද ඔය club එනට එනතු වෙන්න plz

said...

දන්න කියන කාලේ ඉඳන් හුදකලාවම ඉන්න කැමති උන නිසා මටනම් යාළුවෝ හරිම අඩුයි

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.