කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/31/09

පොත් වූ කලී

පොත් හරියට නෞකා සදිසිය. මාගේ පොත් රාක්කයේ ඇති සමහර පොත් මා කියවා ඇත. සමහර ඒවා කියවා නැත. එහෙත් ඒ කවර පොතක් හෝ අතට ගෙන පෙරලූ විට කවර නම් වූ රමණීය වරායකට ගොඩ බසින්නට පුලුවන් වේදැයි කාට නම් කිව හැකිද...( ජැක් ලන්ඩන් - ඇමරිකානු ලේඛක ) .

පොත් කියන්නේ මිනිසාට යහපත් ජීවිතයක් ගත කිරීමට අත්‍යවශ්‍යය දෙයක්. මිනිසාගේ ශරීර වර්ධනයට ආහාර පාන , ඖෂධ අවශ්‍යය වගේම මානසික වර්ධනයට පොත් උපකාරී වෙනවා. පොත් කියන්නේ ප්‍රවාහන මාද්‍යයක් විවිධ පොත් අරගෙන අපිට විවිධ තැන්වලට යාමට හැකියාව තියෙනවා . පොත් හරියට කාල යන්ත්‍රයක් වගේ අපට අතීතයට ඉදිරි අනාගතයට මේ පොත් තුලින් ගමන් කරන්න පුලුවන්. පොත් කියන්නේ හරියට අපේ දෙමව්පියන් වගේ. "පොත් වහන්සේ " යන ගෞරව නාමය ලැබීමට තරම් පොත උතුම්ම වස්තුවක්. අජීවී වස්තුවක් වුනත් පොත් හරියට සජිවී දෙයක් වගේ . මිනිසාට මෙතරම් මහගු සේවයක් කරන පොත්වලට අපි දැක්විය යුතු උපරිම ගෞරවය දක්වන්න ඕනේ.

දිල්කි සෙව්වන්දිනී.
13-A
කලා.

3 comments:

lahiru said...

I see my books.

There are so many letters.

OHH , There are some spaces.

I can't understand anythings..

But I feel these letters get together and tell me some thing,

When we see the sky in the evening,

We can see so many stars there,

Like that,

These letters become words and experess some thing to me,

If I don't know about this symbols,

How I understand ??

Do you know,

There are somany peopole in the world they don't anythings about these symbols.

They have only there imgine world.

How they think ?

How they work ?

How they make out others ?

Think of this peoples,

but,

Don't you know ?

They help us to ,

Keep our position.

we will try to help them to sail the ocean of the Knowledge.

I supose you can do it better.

Be a part of it.

The world will be beauty, As you think.

Lanka (Tangalle)

Anonymous said...
This comment has been removed by a blog administrator.
said...

පොත් වලටනම් මමත් හරිම කැමතියි

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.