කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/29/09

ආදරයට ලිව් කවිපදවැල්


නුඹේ නමින් ලිව් ආදර කි ගී

එකතු වෙලා මහ පොතක් තරම්...

ඒ ගී කවිවැල් ඔබට ලැබෙන්නට

එවාගන්න මට නොමැත වරම්...


ලොව කොතැනක වුව ඔබ සිටිනා තැන

අහස බලන්නට ලදොත් ඉඩක්...

අහස පිරෙන්නට ලියා තබන්නම්

ඔබේ නමින් කවි දහස් ගණන්...


කව්ළු පියන් පත් විවර කරන්නට

ඉඩක් ලදොත් එක මිනිත්තුවක්...

මද සුළග දිගේ නුඹ ලගට ඇවිත්

නුඹ හා ඉන්නම් මතු භවෙන් භවෙත්...
සදීපා එරංගි කුමානායක.
13-A
කලා

3 comments:

lahiru said...

OYAT GODAK LASSANA, KAVI SANKLPANA, GODAK TIYANWA. WHAT A NICE...

A KAVI GEE LIYANNATA,
SUNDARA LOWAKA ARUMAYATA,
MULA PERU OBATA,
MAMA,
KESE KIYANNADA,
..................

AHASA PIRENNATA NOLEWAT,
DENENAWA NETAKA KADULAKA,
BARA,
KESE KIYANNADA,
..................

KAWLU PIYAN PAT HERENAWA,
HETANNATA KIYANNATA,
HEKINAM,
API APE KIYA,
KESE KIYANNADA,
..................

YES LANKA.(TANGALLE)

lahiru said...

ඒකවි ගි ලියන්නට
සුන්දරලොවක අරැබුමට
මුල පිරැ ඔඹට
කෙසේ කියන්නද මම

අහස පිරෙන්නට නොලීවාට
දැනෙනවා නෙතක කදුලක
බර ගැන
කෙසේ කියන්නද මම

කවුළු පියන්පත් විවර‍වෙයි
හිතන්නට කියන්නට
කියන්නට හැකිනමි
අපි අපේ කියා
කෙසේ කියන්නද මම

ලංකා

siridasa said...

ජීවිතයෙන් බිදක්..........
මවු කුසින් මෙලොවට බිහිවු දා සිට අධ්‍යාපනයෙන් කෙලවරක්නොවූ ජීවිතයේ පලමු අදියර පෙරපාසල තුලින් ආරම්භවී උසස් පෙළ කඩඉම දක්වා ජීවිතය ඇදී යයි.......
නිමේෂයකින් බලාපොරොත්තු සුන්වී නොයයි.
සිතියයුත්තේ .. මා පරාජය වුවානොව ‍ඇයි මට මෙහෙම වූයේ කියාය. බෙහෙත් වට්ටෝරුව සේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගණන් කළද ඉන් බිදක්වත් මතකයේ නොවන්නේ නම් ඉන් ඇති පලය කිම . පාසල් දිවියේ ආදරයද අන්දයයි කියණුයේ එබැවිනි . අදවුණුදේ හෙට මතක නැත . හෙට වෙනදේ අද පෙනෙන්නේ නැත. නිම්නැති සයුරසේ සිතුවිලි ගලායයි. එහෙත් අධ්‍යාපනයට ඉන් ඇතිඵලයක් නැත‍. හැදු වැඩු දෙමාපියන්ගේ සිත් සතුටු කිරීම නංගියේ මල්ලියේ නුබේ වගකීමයි . ඒ අධ්‍යාපනය තුලිනි. නැගනියන් වන ණුබට පාසල නිමවී නිවසට යනතෙක්ම නන්නාදුනන මු රකරැවන් බොහෝය. එමෙන්ම මල්ලියේ ණුබද එවැනි දේ කරනවා නොඅණුමාණය.
ජීවිතය ගෙවීමට එයද අවශ්‍ය සේම අධ්‍යාපනය අත්‍යවශ්‍ය වේ..
ඒ හෙට දිනය භාරගැනීමට සිටින්නේ ණුබ නිසයි......

ආදි ශිෂ්‍ය
පරිගණක උපදේශක
පී . ඒ . තරංග ස‍‍දකැළුම්
ළමා සම්පත් මධ්‍යස්ථානය
හම්බන්තොට
+94 723 580 822
patsandakelum@yahoo.co.in
patsandakelum1986@gmail.com

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.