කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/28/09

පිස්සු FIT එක

යාළුවනේ ඔයාලට කිව්වම මොකද...මට ඉන්නවා එල පිස්සු FIT එකක්. එයා නමින් රසාරා. නම නම් හරිම sweet නේද? රස ආකරයක් වගේලු. ඒත් එයා නම් මෙලෝ රහක් නෑ. කලොත් කරන්නෙම මගඩි වැඩක්. බලන්නකෝ එයා කරන්නේ මොන තරම් පිස්සු, මෝඩ , තකතීරු වැඩද කියලා. මම මේවා ඔයාලට දැන ගන්නත් එක්ක කියන්නම්.
අපේ මේ පණ්ඩිත කෙල්ල ගැන කොතනින් කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. දවසක් අපි දෙන්නා පාරේ යන කොට මෙන්න බොලේ එක පාරටම මෙයා ගැස්සිලා කුඩෙනුත් මූණ වහගෙන මාව දාලා දුවනවා. නවතින්නෙත් නෑ මට full හොල්මන්. බැලින්නම් අල්ලපු කඩේ අයියට මේකි පොල්ලක් තියලා, ණයට රෙදි අරන්. අනේ අම්මපා ලැජ්ජ නැති වැඩමයි කරන්නේ. ඒ විතරක් නම් මැදෑ දුවලා ගිහින් ගහකට මුවා වෙලා ඒ කඩේම එල්ලා තියන බෝනික්කට අරන් දෙන්න කියලා මාව මරන් කන්න හදනවා. ඒක ඇහුන අපේ එකෙක් කිව්වා ඒක ඕන කාලෙට ගෙනත් දෙන්නම් කියලා .මේකිට තේරෙන්නේ නැතුවද මන්දා.
අපේ මේ හිත හොද කෙල්ලට මොනවා නැතත් හොද හැකර කටක් නම් තියනවා. දවසක් විවාද තරගෙකට ගිහින් talks දාලා බැරිම තැන අඩ අඩ කතාව, අතඇරියේ නෑ ‍ඒකෙනුත් කොහොම හරි කප් එක ගැහුවා.
මේ පිස්සි වැඩිපුරම කවි ලියන්නේ අම්මා ගැනයි තාත්තා ගැනයි. ඊට පස්සේ ඉතිං......දැන් මේ ටික දවස ඉදලා අර මලඉලව් වගේම සුන්දර ප්‍රේමය ගැන මේ මොළේට දාර්ශනික අදහස් පහල වෙන්න අරන්. බලන්න ඕනේ ඒ වෙලාවට මූණෙ කියෙන සිරියාව. ෂා...හරියට සත්තු වත්තේ ඉන්න බැබුන්ගේ මූණ වගේ. වගේ නෙමෙයි මම නොකිව්වට බැබුන්ම තමයි. ඉතිං ඔන්න ඔහොමයි මේ මෝඩ බැබුන්ගේ වැඩ. මෙයා ගැන වැඩි විස්තර දැනගත්තම ඔයාලටත් හිතෙයි මේ බැබුන්ව අදුන ගන්න. කලින්ම කියන එක හොදයි නේ , අදුන ගන්න හැබැයි පස්සේ කරගත්තු මොඩ කමක් කියලා මට චුරු චුරු ගානවා එහෙම නෙමෙයි ඔන්න.
ටිකෙන් ටික තවදුරටත් බැබුන් ගැන උණුසුම් පුවත් සජීවීව ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන මම බැබුන්ට පණටත් වඩා ආදරය කරන ඥාව්වා - සත්තු වත්තේ සිට......

සදීපා එරංගි කුමානායක
13-A
කලා

1 comment:

ගංගා සුදර්ශනී said...

රසාරා ෙකාෙහාම උනත් ලියපු පිස්සිත් ඒෙහමම තමා....

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.