කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/28/09

කිං කෝබ්‍රා

මේ පොත මගේ අතට ලැබුනෙනම් හරිම අහම්බෙන් . පොතේ පිට කවරෙයි නමයි දැක්ක ගමන් හිතුනේ අමුතුම අදහසක් තියෙන පොතක් වෙන්න ඇති නියලා.
හැබැයි කියවගෙන යද්දියි තේරුණේ " කිං කෝබ්‍රා" කියන්නේ , පාසල් යන ගැහැනු පිරිමි ළමය්න්ගේ බොහොම සරල , සුන්දර සිතැගීන් හා හැසිරීම් රටාවන් ගොන්නක් එකට එකතු කරලා රචනා කරපු පොතක් කියලා.
කොළඹ ප්‍රධාන පෙලේ බාලක පාසලක උසස් පෙළ කලා විශයන් හදාරන ශිෂ්‍යයන් පස් දෙනෙකුගේ වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. කියවන්න කියවන්න ආසාවක් ඇතිවෙන, අපි පාසලේ ගත කරන කාලය සිහියට නගන පොතක් විදියට "කිං කෝබ්‍රා " හදුන්වන්න පුළුවන් .
අපේ වචනවලින්ම කියනව නම් " කිං කෝබ්‍රා " කියලා කියන්නේ "දගකාර පාසල් කාලය ගැන දැන උගත් තාරුණ්‍යයේ ඉදන් කරන සිහි කැදවීමක්.
මම මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ දීප්ත සුදේෂ් රණසිංහ කියන රචකයාගේ අතින් ලියවුන මේ පොත නියවලාම බලන්නකෝ.....
මේ පොත මම කියවද්දී මගේ ඉදිරිපිට දැන් මම ගත කරන පාසල් කාලය හරි සුන්දර විදියට සිත්තම් වුනා.ඔයාලටත් එහෙම වේවි....
මේ පොතේ ඉන්න රංගලා මිහිරලා මධුරලා අපි අතරෙත් ඉන්නවා. ඒ නිසාම ඔයාලට මේ පොත ගොඩක් සමීප වේවි.
මේ පොත කියවලාම බලන්නකෝ කිං කෝබ්‍රා සෙට් එක කොහොමද කියලා......
BYE...!

රසාරා නිර්මාණි ජයකොඩි.
13-A
කලා.

2 comments:

lakpathy said...

අහ් ෂා කට්ටය දැන් බ්ලොග් ලියනවා වගෙයි. හි හි හි . හොදයි හොදයි....

ථෙරපුත්ත ජාතික පාසල said...

ඇයි අපි බ්ලොග් ලිව්වම නරකද?

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.