කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/28/09

පාසලද ටියුෂන්ද?

පාසල් යන අපේ ඇත්තන්ගේ ශබ්ද කෝෂයට නම් ඉතින් මේ වචන දෙකම හුරුපුරුදු වචන දෙකක් නේද?අද ඔය තියනවාය කියන තරගකාරි අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්නේ ඉතින් ටියුෂන් කියන්නේ. පාසලෙන් දෙන දැනුමටත් වඩා එහා ගිය තවත් අලුත් දේවල් ගැන ඉගෙන ගන්න නේ අද ඔය ගොඩ දෙනෙක් ටියුෂන්වලට යන්නේ.
හැබැයි ඉතින් අද වෙනකොට ටියුෂන් පංති කලාව ගැන අපේ සමහරුන්ගේ ති‍යන අදහසට නම් මම එකග නෑ. ඒ අය අදහන්නේ...
" ටියුෂන් සරණේ සිරස නමා ගෙන - මේ තුන් සරණේ සර්ට වැදගෙන "
කියන ප්‍රතිපත්තියනේ.
ඒත් හිතන්නකෝ අවුරුදු 13 ක් නොකඩවා යන පාසලද එහෙමත් නැත්නම් පැය තුන හතරකට යන ටියුෂන් පංතියද අපේ ජීවිතය අපට දෙන්නේ කියලා.
මමත් පිළිගන්නවා ගන්න මුදලට සරිලන විදියට තමන්ට ලැබෙන පැය තුන හතරෙදි බොහෝ ටියුෂන් මාස්ටර්ලා තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරනවා කියන එක.
ඒත් ඉතින් අධ්‍යාපනය කියන්නේ පොතේ පතේ දැනුම විතරක්ම නෙමෙයි නේද? කුසලතා , ආකල්ප කියන අධ්‍යාපනයේ ඉතිරි සංකල්පයන් භුක්ති විදින්නනම් ඉතින් පාසලකටම යන්න ඕනේ.
ඊටත් වඩා එහා ගියපු ගොඩක් බැදියාවන් අපිට පාසල් ජීවිතය තුල අනන්ත අප්‍රමාණ දැක ගන්න පුළුවන්. හැබැයි ටියුෂන් පංතියේ ලෑලි බංකුව උඩ වාඩිවෙලා ගත කරන හෝරා කීපයට ඒ වගේ බැදීම් ඇති වෙයිද? ඒ වගේ සුන්දර මතක ඉතිරි වේවිද? නෑ යාළු කොහෙත්ම ඒ වගේ වෙන්නේ නැහැ.
ටියුෂන් කලාවේ අපට කියලා දෙන්නේ අනිත් අයව අමතක කරලා යන ගමනක් ගැන හැබැයි පාසලේදි අපි ඉගෙන ගන්නේ පිරිසන් ලෙසින් එක්ව ඉදිරියට යන සංකල්පයක් ගැන. එහෙම ගත්තොත් ප්‍රායෝගික ජීවිතයට ගොඩක් සමීප පාසල නේද මගේ යාළු .
ටියුෂනුත් අපට අවශ්‍යයි.ඒත් හංසයා දියෙන් කිරි වෙන්කරලා ගන්නවා වගේ ටියුෂන්වල තියෙන ගත යුතු දේ අර ගෙන අනත් හැම දෙයක්ම බැහැර කරන්න.එතකොට ටියුෂන් කලාවත් මිට වඩා ලස්සන වේවි .
අද ටියුෂන්වලට එල්ල වෙලා තියෙන ගොඩක් චෝදනාවලට වග කියන්න ඕනේ ශිෂ්‍ය ප්‍රජාවම තමයි.ඉතින් ඕවා ගැන කතා කරන්න ගියොත් ගොඩක් දුර යන්න වෙනවා.
අද දවසේ පාසලුත් ටියුෂනුත් අතරේ ඇති වෙලා තියෙන මේ ගට්ටනය නැතිවෙලායන්න කියන එක තමයි ඉතින් අපේ පැතුම.
සැ.යු - හුදෙක්ම මෙය පාසලත් ටියුෂනුත් ගැන කල කෙටිම කෙටි විමසුමකි.

රසාරා නිර්මාණි ජයකොඩි.
13-A
කලා

No comments:

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.