වස්සාන ගීතිකා
වසන්තයේ රැව් දෙන
ගීයකි නුඹ....
පුෂ්පයකි නුඹ
හේමන්තයේ විකසිත වන
තුෂරයේ පින්නයි නුඹ
මන්ද වටහා නොගන්නේ
රමණීය වූ මේ ජීවිතය
පන්හිඳක් මෙන්ම
දුහුල් පත්‍රයක් බව
නුඹමය වටහා ගත යුත්තේ
එහි අරුත...........
සදීපා එරංගි කුමානායක
13-A - කලා
෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴
"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."
෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴
"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."
෴ මහා කවි ගර්තේ ෴
"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."
1 comment:
වස්සාන සිහිනය.......
Post a Comment