කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/28/09

අපේ සෙට් එක......

වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහස කඩාගෙන වැටුනාවේ
ගනන් ගන්න එපා ඕවා සුළු දේවල්
හිනා වෙලා අපි ඉදිමු ඉතින්......

ඔය තියෙන්නේ අපේ කට්ටියගේ ආදර්ශ පාඨය. ලොකේ පෙරලෙනවා කිව්වත් " ආ පෙරළෙද්දෙන් " කියලා ඉන්න ජාතියේ සෙට් එකක් තමයි අපේ සෙට් එක .ඒ තරම් සර්ව සුබවාදියි. හැබැයි ඉතින් ඔය සෙට් එක අස්සේ එක එක ජාතියේ අය ඉන්නවා.
මේ සෙට් එකට නායකයො නම් නෑ...මොකද හැමෝම නායක‍යො නේ...ඉන්නේ සාමාජිකයෝ විතරයි. එක එක තාලේ අයගේ එක එක වැඩ බලා ගන්න නම් ඉතින් මීට වඩා හොද තැනක් තවත් කොහෙන්ද? ඔය අයගෙන් කීප දෙනෙක් ඉස්කෝලෙට එන්නේ කුකුළා අතින් අරන්. අනිත් අය නම් යාන්තමට පරෙස්සමෙන් 7.20 ට විතර ඉස්කෝලෙට එනවා. ආපු ගමන් ඉතින් අවුරුදු ගානක් නොදැකපු අය වගේ අත් අල්ලගෙන , කරට අතදාගෙන කට්ටියම බර කතාව. හැබැයි ඉතින් මීට කලින් දවසෙත් මේ අය මේ විදියටම හමුවුන බව වටේ ඉන්න කොයි කවුරුත් දන්නවා. දන්නවාද සෙට් එකේ එක් එක්කෙනාට අන්වර්ථ නම් පවා තියෙනවා. ඒ තරම් අපේ අය දියුණුයි. කට්ටෝ , ඥාව්වෝ...මෙකී නොකී ගොඩ දෙනෙක් ඉන්නවා.
මේ අය ඉන්නේ නම් " Any thing... Any time " කියාගෙන . හැබැයි ඉතින් ඒවයේ හැටි දන්නේ මෙයාලව දන්න අදුනන අයම තමයි. සෙට එකේ ගොඩ දෙනෙක් ඉස්කෝලේ ලොකු ලොකු තනතුරු දරන උදවිය. තනතුරු තාන්න මාන්න ආදියෙන් නම් මේ අයට අඩුවක් නෑ. ඒ වගේමයි වැඩ වැරදිලා බැනුම් අහන්න ගියාමත් ඒකෙනුත් අඩුවක් නෑ.
කොහොම වුනත් මේ සෙට් එක ආශ්‍රය කරලා බලන්න වටින සෙට් එකක්....

රසාරා නිර්මාණි ජයකොඩි.
13-A
කලා

2 comments:

lakpathy said...

අපෝ ඹය සෙට් එක මං හිතව සෙට් එකනම්
කථා කරලා වැඩක් නෑ

ථෙරපුත්ත ජාතික පාසල said...

ඇත්තටම මේ සෙට් එක හොද සෙට් එකක් තමයි.ඒත් එදා හිටිය අයගෙන් එක්කෙනයි මෙතන ඉන්නේ.

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.