කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/28/09

දවසක්දා හැන්දෑවක...

අම්මෝ හරිම මහන්සියි...
අද නිවාඩු දවසක් හින්දම ගොඩාක් වෙලා පාඩම් කරපු එකේ මේ ලස්සන හැන්දැවෙවත් ‍පොඩි විවේකයක් ගන්න හිතුනා. ගෙදරත් කවුරුවත් පේන්න හිටියේ නෑ. කාමරේ ඉදන් සාලෙට ඇවිත් පාර බලද්දී හිතුනා ටිකක් ඇවිදින්න.
පාරට බැහැලා ටිකක් ඇවිදගෙන යද්දියි හිතුනේ හැන්දෑව මොන තරම් ලස්සනද කියලා......මීට කලින් කොච්චරනම් හැන්දෑවන් ගෙවෙන්න ඇත්ද? ඒත් මේ කලබල ජීවිතයට ඒ දම් පාට හැන්දෑවන්වල අසිරිය විදින්න වෙලාවක් තිබුනෙම නෑ .
ඇවිදගෙන ඇවිදගෙන යද්දී නොදැනීම වගේ පය එසවිලා තිබුනේ මුහුදු වෙරළ පැත්තට . ඉර ගිනි බෝලයක් වගේ හැන්ගෙන්න හදන ඈත ක්ෂිතිජය දිහා බලාගෙන හිටපු මගේ දැහැන් බිදුනේ මුහුදු වෙරළෙ දුව පැන නටපු පුංචි උන්ගේ සද්දෙට.

" ආ...තරිදු උඹත් මෙතනද? "
මගේ දැහැන ආයෙම බිදුනේ කසුන්ගේ හඩින්..
මගේ ලගින්ම ඇවිත් වෙරළ බිම වාඩිවෙච්ච කසුනුත් ඈත අහසයි , වටපිටාවයි දිහා කොයිතරම් වෙලා බලාගෙන හිටියද ?

" අර පොඩිඋන්ව දකිනකොට අපේ පුංචිකාලේ මතක් වෙන්නේ නැද්ද තරිදු? "

කසුන් ගොඩක් වෙලාවකට පස්සේ මගෙන් ඇහුවා .
" ඇයි නැත්තේ කසුන්...දැන් දුවන රේස් එකත් එක්ක අපි මෙහෙම හිරවුනාට අර ඈත පාවෙන සරුංගලේ වගේ හරිම විනෝදෙන් , සැහැල්ලුවෙන් ගතකරපු පුංචි කාලයක් අපට තිබුන බව හොදට මතකයි කියලා කසුන්ටයි අනිත් හැමොටමයි ඇහෙන්න කෑ ගහලා කියන්න හිතුනත් මම නිහඩ වුනා...
" මොකද දන්නවද?"
ජීවිතේ එක එක කාලවල් තියෙනවා . ඒවයේදී අපිට යම් යම් කැප කිරීම් කරන්න වෙනවා.අදත් අර පුංචි උන් වගේ මුහුදු වෙරළේ දුව පැන නට නට හිටියොත් අනාගතයම ගොඩට එන රළ පාරකට අහුවෙලා හේදිලා යාවි.හැබැයි දුෂ්කරක් ක්‍රියා කරලා අමාරුවෙන් හරි මේ ගමන ගියොත් අනාගතේම පැහැදිළි වේවි. මගේ හිතේ ඇතිවෙච්ච ඒ සිතුවිල්ල අවුරුදු ගානක් මගේ හොදම යාළුවා වෙච්ච කසුන්ට තේරුනා වගේ.
ඉතින්...තව ටික වෙලාවක් එහෙමම ඉදලා කළුවර වැටෙද්දී දෙන්නාම ගෙදර එන්න පිටත් වුනා.

අපිත් මේ හැම කැපකිරීමක් කරලාම උත්සාහ කරන්නේ ජීවිතේ අන්ධකාරයෙන් මුදවා ගන්න නේද කියලා හිතුනේ සැදෑ අදුරත් එක්කම ආයෙම පොත් මේසයට එබෙද්දියි.

රසාරා නිර්මාණි ජයකොඩි
13-A
කලා

No comments:

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.