කළලයක් ලෙස මා නුඹ කුස තුළ වැඩෙද්දී නුඹ මා හට සුවපහසු යහනාවක් සකසා දුන්නා ය. මා කෙරෙහි ඇති වූ සෙනෙහස නිසාවෙන්ම නුඹේ රතු ලේ කිරට හැරුනේ ය. මේ ලොවට මා බිහි වූ දිනයේ නුඹේ ඇසගට නැගුණු සතුටු කදුළැලි මා වෙනුවෙන් ය.බ්ළිදියක ලෙස දෙනෙත් හැර මුලින්ම ලොව දෙස බැලූවිට දුටු කරුණාවන්තම මුහුණ නුඹේම ය. මගේ දෙසවන් ඉමිහිරි නැළවිලි ගීවලින් සැනසුවේ නුඹ යි. මහා වර්ෂාවකින් මා සුරකින දැවැන්ත මහා වෘක්ෂය නුඹ යි. මගේ ලොවට පෑයූ හිරු නුඹ යි. මගේ ජීවය ද නුඹ යි.
දෙවියන් වහන්සේ මෙලොව මෑවූ හොදම නිර්මාණය මෙය විය. ලොව කිසිම නිර්මාණයකට සමාන නොවූ මේ අරුම පුදුම නිමැවුම " අම්මා " වන්නේ ය.
W.O.N ජයමුතු
13-A
කලා
෴ වික්ටර් හියුගෝ ෴
7/28/09
Subscribe to:
Post Comments (Atom)
෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴
"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."
෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴
"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."
෴ මහා කවි ගර්තේ ෴
"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."
තෙළිතුඩින් කළ අරුම

.

No comments:
Post a Comment