කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/28/09

මවුබස ගැන යමක්

මේ වන විට ලෝකයේ භාෂා 2500ක් විතර තියෙනවා. ඒත් පිලිගත් ජාතික භාෂාවන් තියෙන්නේ 10% වඩා අඩුවෙන්.
ජාතියත් භාෂාවත් අතර තියෙන්නේ අභේදනීය සම්බන්දයක් භාෂාවේ නමින් රට වැසියාක් රටේ නමින් භාෂාවත් හදුන්වන අවස්ථා හමුවන්නේ ඒ නිසා. මේ තියෙන්නේ උදාහරණ.
ග්‍රීරීසියේ ග්‍රීක්
චීනයේ චීන
ජපානයේ ජපන්
ඉන්දුනීසියාවේ ඉන්දුනීසියානු
කොරියාවේ කොරියන්
ආදිය තමයි. භාෂාවේ ආරම්භයත් මානවයාගේ ආරම්භයට සමානයි. වසර 350000 පමණ පැරණි ශිලා යුගයේ ගුහා සිතුවම් පරීක්ෂා කර බැලීමේදී ඒ බව තහවුරු වෙනවා.කථන භාෂාව ව්‍යාප්තවුනාට ලිඛිත භාෂාව ව්‍යාප්ත වුනේ නෑ. සිංහල භාෂාව ක්‍රි.පූ 5 වන සියවසේ පමණ ආරම්භ වූ බවයි සදහන් වන්නේ. සිංහල ජාතිය ,සිංහල භාෂාව , සිංහල සංස්කෘතිය භාෂාවේ නමින්ම හදුන්වන්න සමත්වුනා.
සිංහල භාෂාවේ උපත ගැන සදහන් කල හොත් අතීතයේ විසූ යක්ෂ , නාග , රාක්ෂ , අසුර යන සිව් කුලයේ අය එක්ව හිරුදෙවියන් ඇදවූහ. මුළු සක්වලටම එළිය දෙන බැවින් හිරු " සක් " නමින් හදුන්වයි. මෙලෙස හිරු දෙවියන් ඇදහූ අය හෙළ නමින් නම් වූ අතර ඔවුන් " සිව් හෙළ - සීහල - සිංහල "ලෙස නම් විය. එනිසා ඔවුන් කථා කරන භාෂාව සිංහල භාෂාව බවට පත් විය.
අප මව් කුසින් බිහි වූ දා පටන් දෙමාපියන්ගේ හැසිරීම අධ්‍යයනය කරමින් ඒ අනුව හැසිරීමට උත්සාහ කළහ. ඔවුන් කථා කරන භාෂාව කථා කිරීමට පුරුදු විය. එම නිසා අප අපටම ආවේණික අපටම අයත් වූ භාෂාවක් කථා තිරීමට හුරු විය. අකතිතයේ පටන් විවිධ ආකාරයට දියුණු වූ අපේ යැයි කිව හැකි අලංකාර භාෂාවක් අපට උරුම වී ඇත. මේ අලංකාර අපේ සිංහල භාෂාව අපගේ මව් භාෂාව වශයෙන් බොහෝ කල් පවතීයැයි ව්ශ්වාසය තැබිය හැක.

දිල්කි සෙව්වන්දිනී
13-A
කලා

No comments:

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.