නිදි නොමැති රාත්‍රියේ
පුරාතන ගද්‍ය,නුතන පද්‍ය
පැටලිලා ජරමරේ
මාක්ස්වාද,ලිබරල්වාද
පාඩම් බැලීමට යැයි
ජෝන් ලොග්,ඇරිස්ටෝටල් අඩගසයි....
සමාස සන්ධි,සන්දේශ කවි
කට පාඩම් කිරීමට යැයි
සිංහල භාෂාව කෑගසයි
අසිරිමත් බුදු සිරිත පිළිබද
රස විදින්නට බුදු උපත
බෞද්ධ ශිෂ්ටාචාරය කෑ ගසයි
මහ මැතිවරණ ,ආණ්ඩුක්‍රම
විමසුමට ලක්කල හොදයි සමාජය
මොර දෙද්දී දේශපාලන විද්‍යාව
මනමේ නාටකය ඇවිදින් මතකයට
පහව යැයි නිදිමත ගතිය
මේ සියලු පාඩම් අතර මා
අතරමං වී,තනි වෙලා
නිදි දෙව්දුව පලවා හැර
වෙහෙසවෙමි මා නිරතුරුව
ජය ගැනීමට හෙට දිනය ......
සදමිණී තාරකා
13-A
කලා
෴ වික්ටර් හියුගෝ ෴
7/24/09
Subscribe to:
Post Comments (Atom)
෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴
"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."
෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴
"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."
෴ මහා කවි ගර්තේ ෴
"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."
තෙළිතුඩින් කළ අරුම

.

No comments:
Post a Comment