සුදු පාට රැලි ගවුම නුහුරු රතු ටයි පටිය
පැලද නුඹ වෙත ආව දිනය මතකයි තවම
මුල් දිනම ඔබෙන් ලද උණුසුමෙන් ඔද වැඩී
දුර ගමන් ආමී මම තනිව දෙපයින් නැගී
ඔබෙන් නික්මී යන්න දිනය අතලග ඇතී
කෙලෙස නම් සමුදෙම්ද ඔබගෙ සෙවනෙන් මිදී
නයන යුග වසාලා කදුළු කැට ඇත රැදී
ඉකිබිදුම තද කරන් හදවතම ගල් කරන්
නික්මුනද මෑණියනි ඔබේ සුරතෙන් මිදී
රටට ණයනැති දුවක වී දිනෙක හිනැහෙමි
ඔබෙ ඉසේ අභිමානේ රන් ඔටුනු පළදමී
රසාරා නිර්මාණි ජයකොඩි.
13-A
කලා.
෴ වික්ටර් හියුගෝ ෴
7/24/09
Subscribe to:
Post Comments (Atom)
෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴
"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."
෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴
"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."
෴ මහා කවි ගර්තේ ෴
"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."
තෙළිතුඩින් කළ අරුම

.

No comments:
Post a Comment