ජීවිතයට හසරැල්ලත් දුක් කදුළත්
ඔබම වේ මට
නොවැටී දිවි මග ඉදිරියටම යන්නට
අත්වැලද වූයේ ඔබමයි
කරැණාව නම් වූ මී පැණින්
මා මුසපත් කළේ ඔබයි
ආදරය නැමති කිරි දියරෙන්
මා පෝෂණය කළේ ඔබයි
ජීවිතය නැමති පැළයට
වැටෙන දිය බිද ද ඔබම වේ
සෙවණැල්ලක් මෙන් මා අසලින් නිති
රැදී සිටිනිනේ ද ඔබමයි
ඔබයි මා ලැබූ ජීවිතය
මාගේ සෙවණැල්ල ද ඔබයි
නුඹයි මගේ පියා
මේ ලෝකයේ සිටිනා හොදම......
W.O.N. ජයමුතු
13-A
කලා
෴ වික්ටර් හියුගෝ ෴
7/24/09
Subscribe to:
Post Comments (Atom)
෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴
"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."
෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴
"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."
෴ මහා කවි ගර්තේ ෴
"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."
තෙළිතුඩින් කළ අරුම

.

No comments:
Post a Comment