පියළි බද දහසින් - පාමුල තබා සතොසින්
අදර බැති වෙසෙසින් - අකුරු උගනී කුමරු සතොසින්
එදානම් ඉතින් ඔය කොයි කවුරුත් ඉගෙනගත්තේ ඔහොම තමයි. හැබැයි ඉතින් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් දහසින් බැදි පියලි හොයන්න දැන් මහන්සි වෙන්න ඕනෙ නෑ. දැන් ඉතින් හැමදේම නිකම්ම වගේ ලැබෙනවානේ.
එදා මනමේ කුමාරයාගේ කාලේ එහෙම දන්නවා ඇතිනේ?......ඉගෙනගන්න අවස්ථාව ලැබුනේ ලොකු ලොකු උදවියගේ ළමයින්ට විතරලුනේ........ඒකටත් එක්ක දැන්, අවුරුදු හතරේ පහේ පොඩි උන්ගේ ඉදලා රටේ හැම ළමයෙකුටම අධ්‍යාපනය අනිවාර්යය සාධකයක් කරලා. ඒකටත් හරි යන්න අධ්‍යාපනයටත් දැන් තියෙන තරගය....සතියේ දවස් පහේම ඉස්කෝලෙන් ඉගෙන ගන්න දේවල් අස්සට ටියුෂනුත් රිංගලා. අවුරුදු හතේ අටේ පොඩිඋන් පවා දැන් ටියුෂන් යනවා. ඇහුවාම අම්මලා තාත්තලා කියන්නේ තරගකාරී අධ්‍යාපනයේ හැටියක්ලුනේ ඒ කියලා. හරි ඉතින් ඒකත් එහෙමයි කියමුකෝ ...ඔය හැම දෙයක් ලගම කකුල් වතුර බේසම්වල ඔබාගෙන , නින්දත් නොනින්දත් අතර සිහින දැක දැක අපේ දරුවෝ ඕ ලෙවල් , ඒ ලෙවල් කිය කියා මහන්සි වෙලා ඒ හැම ලෙවල් එකකින්ම පුළුවන් උපරිමෙන්ම සමත් වෙනවනේ....? ටිකක් හිතන්නකෝ ඕ ලෙවල් කරන අයගෙන් කී දෙනාද ඒ ලෙවල්වලට යන්නේ..?,ඒකෙනුත් කීයෙන් කී දෙනාද ඒ ලෙවල්වලින් ඉහළම ලකුණු අරන් කැම්පස් යන්නේ....? හරියට රයිසියකින් වැලි හැළුවහම රයිසියේ ඉතුරුවන ලොකු බොරළු කැට ටික වගේ කැම්පස් යන්න තේරෙන්නේ කීයෙන් කී දෙනාද?....
ඉතින් ඉතින්... කැම්පසුත් ගියා කියමුකෝ : එහෙත් ඉතින් හරි කලබලනේ...?අවුරුදු තුනක් ඉගෙන ගෙන ඩිග්රිය අරන් හොද රස්සාවක් කරන්නනේ ඕක ඇතුළට යන හැමෝගෙම ඉතින් ඒකායන පරමාර්ථය..හැබැයි පුතේ ඇතුළට ගියාමයි වැඩේ හැටි තේරෙන්නේ. යන්නෙනම් ඉගෙන ගන්න, හැබැයි ඉතින් ඇතුළේ ඉන්නේ කොණ්ඩේ ,රැවුල වවා ගත්තු අරමුණක් නැති විප්ලවවාදියෝ . උන් හේතුවටයි අහේතුවටයි දෙකටම අරගල කරනවා. ඕං ඉතින් ඔය හැම එකක් මැද්දෙම ප්‍රේමය ජීවිතයේ ආහාරය යි කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඔය අතරෙ ඉන්නවා . කොහොමින් කොහොම හරි ඔයගට්ටන , තාඩන පීඩන මැද්දේ විශ්ව විද්‍යාල වසා දැමීම්, උද්ඝෝෂණ එහෙම අවසානේ ඇතුළට ගිහින් අවුරුදු පහකට විතර පස්සේ අපේ අය කළු ලෝගුවකුත් ඔතා ගෙන හරි ආඩම්බරෙන් උපාදි සහතිකෙත් අරන් කැම්පස් එකට ආයුබෝවන් කියලා එනවා.
ඒ ඇවිත් ඉතින් උපාදි සහතිකේ කොට්ටේ යට තියාගෙන අවුරුදු ගානක් දුන් අල්ලන්නයි අපේ අයට වෙලා තියෙන්නේ...කතාවනම් නිදහස් අධ්‍යාපනය ගැන, අධ්‍යාපනය නිදහස්වුනාට වැඩක් තියෙනවද අධ්‍යාපන මට්ටමට ගැළපෙන රස්සා නැත්නම්. ජීවිතේ පියඹලා යන සමනල් යුගයේ උපාදිය අරන් රස්සාවක් නැතුව දුක් විදින අපේ ඇත්තන්ට ඔන්න ඉතින් යාන්තං අවුරුදු තිහ තිස්පහ වෙනකොට මොකක්හරි රස්සාවක් ලැබෙනවා. අනේ ඉතින් ජීවිතේ ලස්සනම කාලේ දියවුනාට පස්සේ මොන රස්සාද...?ඔය වෙලාවට තමයි සරසවි කුරුටු ගී අතරේ තිබුන මෙන්න මේ කියමන මතක් වෙන්නේ.....
එස් එස් සී විභාගංච - සම්මානෝ අති දුල්ලභං
රැකියා විරහිතං දුක්ඛං - බී.ඒ ඩිග්රි මහා භයං
රසාරා නිර්මාණී ජයකොඩි
13 - A
කලා
෴ වික්ටර් හියුගෝ ෴
7/24/09
Subscribe to:
Post Comments (Atom)
෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴
"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."
෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴
"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."
෴ මහා කවි ගර්තේ ෴
"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."
තෙළිතුඩින් කළ අරුම

.

No comments:
Post a Comment