කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

7/28/09

සදීගේ තතු විත්ති

මෙයත් ඉතින් අපේ සෙට් එකේ ඉන්න මහා මොල කාරයන්ගෙන් එක්කෙනෙක් මෙයාට තියෙන්නේ නම් හැබැයි ටිකක් විතර අමුතු අදහස් . ඒවා තේරුම් ගන්න ඉතින් අපිම ඉන්න ඕන.
එක එක දේවල් ගැන අමුතු අමුතු අර්ථකතන දෙන්නත් මෙයා හරි හපනා. ඒ වගේමයි අපේ සදී පූසන්ට හරි ආසයි. ඒකට හේතු කාරණා හොයන්න ගියොත් නම් ඉතින් අපිත් අතරමං වෙනවා. හැබැයි ඒවා කොහොම වුනත් කෙටියෙන්ම කියන්න තියෙන්නේ " ඥාව් " සද්දෙට පවා මෙයාගෙ හදවතම සතුටින් ඉපිලෙනවා කියන එක තමයි.පූසෝ ගැන වගේම සංගීතය ගැනත් මෙයාට තියෙන්නේ විශේෂඥ දැනුමක් . දන්නවා ද?..... මෙයා ගොඩක්ම ආස කරන්නේ..
" දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට...."
කියන ගීතයට.
හැබැයි රජෝ මෙයාගේ සමහර වැඩ නිසා මෙයාව නොපෙනෙන්නට අපිට තමයි ඇස් වහගන්න වෙලා තියෙන්නේ.අපේ සදී යාළුවන්ටත් ඉතින් බොක්ක තමයි . මල් කඩන්න ......පැන් ඉහින්න.....පොහොර දාන්න.....මෙයා අපේ ගොඩක් friendzලට Full බකප් එක දෙනවා. හැබැයි ඉතින් තාම එයාට වෙච්ච සෙතක් නම් නෑ.පාසලට පැමිණීම අතිනුත් මෙයා බොක්ස් ඔපිස් වාර්තා තියපු කෙනෙක් . ඉස්කෝලේ ලොකු තානාන්තරයක් දැරුවට මොකද සදීගේ පැමිණීම නම් ඉතින් රතු ඉරකින් තමයි මාක් වෙන්නේ.
මේ ලගදි දවසක මෙයා අපේ තවත් යාළු fit එකට පොඩි help පාරක් දෙන්න ගිහින් තව ඩිංගෙන් හොද බකට් එකක් පෙරල ගන්නවා. හැබැයි ඉතින් එක අතකට ඒකෙත් පුදුම වෙන්න දෙයක් නැ.දාගත්තොත් සදී දාගන්නෙම බකට් එකක් නේ...
ආදරය... ප්‍රේමය... ගැනත් මෙයාට තියෙන්නේ පුළුල් විඥානයක් .ඒ විඥානයේ තරම කොච්චරද කියනවානම් ප්‍රේමයෙහි ආදරයෙහි වෙනස ගැන කියන්න ගිහින් ආදරය දේවත්වයෙන් සලකන අපේ එකෙකුගෙන්ම තව පොඩ්ඩෙන් මෙයා ගුටි කනවා.
ආ කියන්න අමතකවුනා නේ?
අපේ සදී කකුල් දෙක වතුර බේසමක ඔබාගෙන එළිවෙනකන් STUDY වැඩ. ඒකට කමක් නෑ කියමුකෝ ඒත් රෑ තිස්සේ සිද්ද වෙන මෙයාගේ මේ පාඩම් කිරිල්ල නිසා දුක් විදින්නේ අපි.අනේ...රෑ තිස්සේ හරිම අහිංසක හීන දැක දැක නිදාගන්න අපේ නින්ද කඩන්න මෙයා දිගට හරහට RING CUT දානවා . ඉතින් ඒ වෙලාවට මල් හතයි ආ....

ඔය පොඩි පොඩි පිස්සු වැඩ තිබුනට මෙයාට දේශපාලන විද්‍යාව ගැන එහෙම තියෙන්නේ හරිම ප්‍රාචීණ දැනුමක් ඒ දැනුම කොයි තරම්ද කියනවානම් " දේශපාලන විද්‍යාවේ පියා කව්ද කියලා දවසක් සර් අපෙන් ඇහුවාම, පැනපු ගමන් මෙයා ඉදන් අහනවා සර් දේශපාලන විද්‍යාවේ උපන් දිනය හරියටම කවදද සිද්ද වුනේ කියලා.ඕන් ඉතින්...ඒකෙත් හැටි...තව එකක් කැන්ටිම පැත්තේ ගියොත් අපේ සදීගේ ඇහැ යන්නේම පාන්වලට අපේ අනිත් අයගෙනම් අදහස මෙයා සංසාරේ කොතැනක හරි බේකරියක වැඩකරලා තියෙනවා කියන එකයි .ඇයි අනේ එහෙම නොහිති තියේවිද පාන් දැක්කම මෙයාගේ ඇස් දිළිසෙන හැටි දකින කොට.අම්මෝ.... මෙයා ගැන කියන්න නම් ඉතින් බ්ලොග් එකත් මදිවෙයි දැන් මේ ඇති නේද?

මේ මොන මොන problems තිබුනත් සදී කියන්නේ ඉතින් හිත හොද කෙල්ල. මෙයාට නම් ඉතින් ඒකායන පරමාර්ථ මහා ගොඩක් තියෙනවා . ඒවා හැම එකක්ම ඉතින් සාර්ථක වෙන්න කියලා ඔන්න මම හදවතින්ම සුබ පතනවා.

මේ ඔයාගෙම ආදරණීය ( -------- )

රසාරා නිර්මාණි ජයකොඩි.
13-A
කලා

2 comments:

siridasa said...

සුභ පැතුම්
නිර්මල පරපුරක් බිහිකිරීමට වෙරදරන ථේරපුක්ක ජාතික පාසල් මවගෙන් සිප් සතර හැදෑරූ මා ද සිත් සතුටින් තබන්නෙමි සමරැ සටහනක්.......
තෙරක් නොපෙනෙන තොරතුරු තාක්ෂණ නදියේ කිමිදෙමින් විවිද නිර්මාණ කිරීමට ඔබ වෙහෙසවනවා දැකීම තුලින්ද මා ලැබුවේ සතුටකි......
ඒ කලක් ඉහතදී ඔබේම පාසලේ මා සිසුවකුව සිටි අවදියේ සිතතුල තිබු තොරතුරැ තාක්ෂණය හැදෑරීමේ ආශාවද පාසල් දිවියේ අප යටපත් කරගත්තේ ඒ අවදියේ අපට එම පහසුකම් නොතිබූ බැවිනි .
එහෙත් නැගනියේ මා දැන් ක්ෂේත්‍රයේ පරිගනක ගුරැවරගෙකිං ඒ උත්සාහයේ ප්‍රතිඵල නිබදවම ලැබූ නිසයි.
සැබැවින් මා නුබ දැක නොමැතිවූවත් නුබගේ අධිෂ්ඨානය මා සිත ගත්තේය. ඒ නුබලග් උනන්දුව දැකීමෙනි. අන්තර්ජාලයේ සැරිසරන විට මගේ පාසලේ දන්නා හදුනන අයෙකු ලෙස හමුවූයේ නුබ පමනි ‍ .
වසත් කාලයේ තරැකා සැදැල්ලේ
නැගනියේ නුබට සතුටුවිය හැකිය යම් දිනෙක නුබේ මහන්සියේ ප්‍රතිඵල දෑසින් දැක...
තොරතුරු තාක්ෂණයේ යම් දැණුමක් ණුබට අවශ්‍ය බව මා දනිමි . එය නිරතැරැවම අධ්‍යනය කිරීම තුලින් ණුබට ලබාගත හැකිය.
සුභ අනාගතයක්........

පී . ඒ . තරංග සදකැළුම්
ලන්දෙවත්ත
මාමඩල
අම්බලන්තොට
+94 723 580 822
patsandakelum@yahoo.co.in
patsandakelum1986@gmail.com

Anonymous said...

සිහින දනව්ව

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.