කියවිය යුතුම අපේ කතුවැකිය

භාෂාවක අග්‍ර ඵලය ඉන් බිහි වන සාහිත්‍යයයි.සාහිත්‍යය මානසික තෘප්තිය හා වින්දන ශක්තිය වඩා ඵලදායී ලෙසත්,තිව්‍ර ලෙසත් වර්ධනය වීමට තුඩු දෙන විෂයකි.එය මානව හැඟීම් ජනිත කිරීමට ද, මිනිස් සබඳතා අර්ථවත් ලෙස ගොඩ නැගීමට ද මග පෙන්වන විශ්ව භාෂාවයි.කමනීය ජීවන රටාවක් හා දර්ශනයක් ඇති මානව සම්පතක් බිහිවන රස පදාර්ථය ද එයයි.සාහිත්‍යයෙන් භාෂාවත්,භාෂාවෙන් සාහිත්‍යයත්, නිබඳව පෝෂණය වේ. මිනිස් ඉතිහාසයේ සටහන් වී ඇති ශ්‍රේෂ්ඨතම නිර්මාණය භාෂාව වන අතර එය සියලු මිනිස් නිර්මාණවල පදනම ද වන්නේය.
ප්‍රවාහයක් මෙන් ඉදිරියට ගලා යෑම සාහිත්‍යයේ ස්වභාවය නම් එය නිතිපතා නවීකරණය විය යුතුය.භාෂාවේ හෝ සාහිත්‍යයේ නැවුම් වීමක් නොවන්නේ නම් එහි විකාශන හා ප්‍රකාශන ශක්තිය සීමා වේ.
වඩාත් ප්‍රතාපවත් භාෂා සාහිත්‍යයෙන් පිරි හෙටක් දැකීම අපේ පැතුමයි.සිංහල භාෂාවට සාහිත්‍යයට ලැදි සහෘද ඔබ වෙනුවෙන්,"අමාවකට පසු....." දිදුළන සුපුන් සඳ නුහුරු පරිගණක තිරය මත අපේ දෑතින් සටහන් වන්නේ පැතුම වෙනුවෙන් වූ මෙහෙවර සැපිරීමටය.දිදුළන එ'සඳින් ථෙරපුත්ත විදුහල් මෑණියන්ට යම් අභිමානයක් ගෙන දේ ද, එය අප දිරිමත් කරන "අමාවකට පසු....." කියවන සහ අපට ලියන සහෘද ඔබ සැමගේ ශක්තියේ කාන්තිය ද ව‍න්නේය.
සාහිත්‍ය සංගමය
හ/ථෙරපුත්ත ජාතික පාසල
අම්බලන්තොට
****************************************************************************************************

෴ වික්ටර් හියුගෝ ෴

කලාව සඳහා කලාව සුන්දර විය හැකිය.එහෙත් ප්‍රගතිය සඳහා කලාව වඩාත් සුන්දරය.

8/14/09

ජංගම දුරකතනයට බිලි වූ කුමරිය.

මා මේ සදහන් කරනා කාරණය මේ වන විට බොහෝ දෙනෙකුගේ හදවතින් වියැකී ගොස් ඇතැයි සිතේ. මන්ද ලාංකිකයන් බොහෝ දෙනෙකුට ඕනෑම දෙයක් පිළිබද මතක තියෙන්නේ , ඒ ගැන සොයා බලන්නේ සතියක් නැත්නම් දෙකක් නිසාවෙනි. මා මෙහි සදහන් කරන කාරණය සම්බන්ධවද එසේමය. නමුත් එය අපගේ අති ප්‍රබල දුර්වලකමක් බව සිහිතබා ගත යුතුය.

අද වන විට ජංගම දුරකතනය යන මිනිස් ජීවිතය හා බැදි ප්‍රබලම සාධකයක් වී හමාරය. නමුත් ඒ ප්‍රබල සාධකයම පසුගිය දිනෙක තවත් ශ්‍රී ලාංකේය හිරිමල් ජීවිතයක් බිලි ගත්තේ අපි සැමකෙකුටම සිතන්නට යමක් ඉතිරි කරමිනි. මේ කාරණය සම්බන්ධව විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාද්‍ය හරහාද විවිධ අයවලුන්ට චෝදනා කරනු දැක ගත හැකි විය. මේ සිදු වූ සිද්දියට තමාගේ පාර්ශවයෙන් කිසිදු රුකුලක් නොදුන් බවට ඒත්තු ගන්වන්නට බොහෝ දෙනෙකු උත්සාහ දරනු පෙනුනි.

නමුත්, කවුරුන් මා හා එකග වූවද නොවූවද මට හැගෙන්නේ මෙලෙසිනි...

මේ සිද්ධියට අඩු හෝ වැඩි වශයෙන් සම්බන්ධකම් කියනා සෑම කෙනෙකුම මේ සිදුවීමේ යම් වගකීමක් දැරිය යුතුමය. මන්ද ඔවුන් තුලින් මේ අඩුපාඩු සිදු නොවුනේ නම් මෙවන් ශෝචනීය ඉරණමක් උදා නොවෙනු ඇත. මේ සිද්ධිය පාදක කර ගනිමින් අදවන විට ‍බොහෝ ගැටළු පැන නැගී පවතී. බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තම වපර ඇස් යොමන්නේ මෙම සිද්ධියෙහි කේන්ද්‍රීය බිම්කඩ වූ ඒ විදුමව් වෙතටය. මෙම තත්වය දැනට මේ පාසලේ සිප් හදාරන අනෙකුත් ආදරණීය නංගිලාගේ අනාගතයටද ප්‍රබලවම බලපානා බව නම් පැහැදිලි ය. ලොවම කැටි කරමින් අප දෝතෙහි තබනා ජංගම දුරකතනය ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍ය ප්‍රජාවට මේ හැටි ලන් නොවුනානම් යැයි සිතෙන්නේ මෙවන් අවස්ථාවලදීය .තව කාරණයක් සදහන් කලයුතුමය.

ඒ ආදරණීය දෙමාපියනි ඔබ වෙනුවෙනි,

අම්මේ තාත්තේ ඔබ දරුවන්ට ආදරය කරනවා කියන්නේ ඔවුන් වෙනුවෙන් අත දිග හැර වියදම් කිරීම නොවේ. ඔවුන් යන මග දෙස විමසිලිමත් නෙතින් බලා එහි හොද නරක පෙන්වා දීමය. ඒ කාරණය හෝ හරිහැටි ඉටුවූවා නම් මේ ආදරණීය සොයුරිය ජීවිතයෙන් පරාද නොවනු ඇත.

ඉදින් , සිදු වූ දෙය නැවත වෙනස් කල නොහැක. කල යුක්කේ නැවත මෙවන් සිදු වීමක් සිදු නොවිමට වග බලා ගැනීමයි. ඒ සදහා වැඩිහිටියන් ප්‍රමුඛ සමස්ථ ශ්‍රී ලාංකේය සමාජ පද්ධතියම සුදුසු පියවර ගනු ඇතැයි ශිෂ්‍ය ප්‍රජාව වශයෙන් අපි අපේක්ෂා කරන්නෙමු. ඒ සදහා යම් යම් තීරණ මේ වන විටද ගෙන ඇති ආකාරය අපට දැක ගත හැකිය. ඒ කාරණා එසේ සිදුවද්දී,

" සැවොම තුටු කර ලොවට සපැමිණි සැවොම හඩවා ලොවෙන් සමුගත් කිසිදා නොදුටු ආදරණීය නැගණියේ පතනෙමි ඔබට අමා මහ නිවන් සුව! "

රසාරා නිර්මාණි ජයකොඩි.
13-A
කලා.

5 comments:

චමින්ද said...

paasala namin yana blog satahanak nisa kalpanaawen liyannana, adyapanika wadhagath kamin yuthu karunu walata mul thanak dhenna

budhajeewa said...

මේ සිද්ධිය පිළිබඳ සියල්ලෝම උපකල්පන කරමින් සිටිති. උපකල්පන කොට, එය ඒ ආකාරයෙන්ම සිදුවිනැයි සිතා උපකල්පනය නිගමනයක් බවට පත් කොට ගනිති. අනතුරුව එය මත පදනම්ව තීරණද දෙති.

මෙම කතාවේ දුෂ්ඨයා ලෙස ඔබ දකින්නේ ජංගම දුරකතනයයි. පාසලකට ජංගම දුරකතනයක් අනවැසි පරිදි ගෙනයාම විනය විරෝධී ක්‍රියාවක් වුවද, එය සිසුවියක ස්‍වයං-ඝාතනයක් සිදුකරගැනීමට පෙළඹවීඹට තරම් අදාළ පාසල් පරිපාලනයට අවසර දෙන්නක් නොවේ.

සියල්ලෝම අදාළ සිසුවිය මත වරද පටවන අතරතුර, වසර 45ක් තිස්සේ එහි විදුහල්පතිධූරය දැරූ තැනැත්තියද - දත්ත: බ්ලොගෝලයේ කතිකාවකට සම්බන්‍ධවූ මියුසියස් විද්‍යාලයීය ආදි සිසුවියකගෙන් - එකී පාසල් පරිපාලනයද හෙමින්සීරුවේ ලිස්සා යමින් සිටිති.

මෙයට විසඳුම ලෙස ඔබ ගෙනෙන්නේද අපූරු යෝජනාවකි, එනම් ජංගම දුරකතන teenagers වෙතින් ඉවත් කිරීමයි. අගනා විසඳුමකි. ලෙඩක් හැදුනු පසු එයට ප්‍රතිකාර කරනවාද ? රෝගියා සමාජයෙන් එළවා දමනවාද ?

ඊනියා සුචරිතවාදී සමාජයක් ගැන සිහින දැකුමෙන් වලකින්න.

ථෙරපුත්ත ජාතික පාසල said...

ජංගම දුරකතනය ගැන මා ලියූ දේ පිලිබදව ඔබ හරිහැටි තේරුම් නොගත්තා යැයි මට සිතේ මම teenagers ලාට ජංගම දුරකතනය එපා කීවේ නැත. මා කීවේ ජංගම දුරකතන භාවිතය තුල අප මීට වඩා සදාචාරමත් විය යුතුබව පමණි. මට සිතෙන පරිදි නම් ඔබගේ ඔබගේ පරිකල්පන ශක්තිය පිලිබද මීට වඩා සැලකිලිමත් විය යුතු ය.

budhajeewa said...

@ථෙරපුත්ත ජාතික පාසල:

ඔබගේ ලිපියේ අරමුණු පිළිබඳ ගැටළු මතුවේ. ඔබ මෙම ලිපිය ලියන ලද්දේ,

1. ජංගම දුරකතනය teenagers වෙත බලපාන ආකාරය සාකච්ඡා කෙරුමට ද ?
2. ඉහත සඳහන් සිසුවියගේ සියදිවිනසාගැනුම පිළිබඳ සාකච්ඡා කෙරුමටද ?

ඔබගේ මාතෘකාව 2 වන අතර, ඔබගේ ප්‍රතිචාරය සමග ලිපියද එකට තබා බැලූකල්හි, අන්තර්ගතය 1 බැව් මා හට පෙනේ.

අදාළ මාතෘකා *කිසිලෙසකින්* එකිනෙක හා සම්බන්‍ධ නොවන බැවින් ඉහත ලෙස මාතෘකා - අන්‍තර්ගත පරස්පරයක් සිදුව ඇත්නම්, ඒ පිළිබඳව අවධානය යොමන මෙන් ඉල්ලමි.

අනෙක් අතට, පොලීසිය පවසන ආකාරයට ජංගම දුරකථනය ඇගේ නොව පන්තියේ වෙනත් අයෙකුගේ බව සනාථ වී ඇත. එසේනම් එයට අදාලව මේ කරනා උපකල්පන සහ ප්‍රකාශ බලරහිත වේ.

***

ජංගමදුරකතන පිළිබඳව කතා කරනවා නම්,

[said:]
මා කීවේ ජංගම දුරකතන භාවිතය තුල අප මීට වඩා සදාචාරමත් විය යුතුබව පමණි
[/said]

සදාචාරමත්ව භාවිතා කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට පෙර, "ජංගම දුරකතනයක් සදාචාරවිරෝධි ලෙස භාවිතා කරන්නේ කෙසේද ?" යන්න පිළිබඳ එකඟතාවයකට එළඹිය යුතුය. ඒ පිළිබඳව ඔබේ අදහස්ත

***

අමතර :

මෙය විද්‍යාලයක් විසින් පවත්වාගෙන යනු ලබන බ්ලොගයක් වන අතර, එයට ලිපි ලබාගන්නේ සිසුන්ගෙන් බව පෙනේ. යම් ලිපියක් පිළිබඳව පළ වන ප්‍රතිචාර වලට පිළිතුරු දෙන්නේ අදාළ ලිපියේ රචකයාමද යන්න ඔබ විසින් පැහැදිළිව පැවසිය යුතුය. නැතහොත්, රචකයා පසෙක සිටියදී ප්‍රතිචාරකයන් වෙත වෙන අයෙකු පිළිතුරු දීමෙන් රචකයාගේත්, ප්‍රතිචාරකයාගෙත්, පිළිතුරු සපයන්නාගෙන් ("රචකයා" != "පිළිතුරු සපයන්නා" විට,) කාලය අපතේ යාමක් සිදුවේ.

Indranama said...

ලිපිය හා කමෙන්ට් කියවන විට මටත් හැ‍ඟෙන්නේ නම් ලිපිය ලියන්නේත්, කමෙන්ට් වලට පිලිතුරු ලියන්නේත් දෙන්නෙක් කියලයි..

෴ රවින්ද්‍රනාත් තාගෝර් ෴

"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යාත්මය යථාර්තයේ කැඳවුමට දක්වන ප්‍රතිචාරයයි.එය බාහිර යථාර්තයේ අනුකරණයක් නොවේ.එය යථාර්තයට දක්වන ප්‍රතිචාරයයි."


෴ විලියම් වර්ඩ්ස්වර්ත් ෴

"කලාවේ අරමුණ සත්‍ය ප්‍රකාශ කිරීමයි.එය ප්‍රකාශ කරන්නේ හුදකලා හා ප්‍රාදේශීය සත්‍යය නොව පොදු හා ව්‍යාප්ත සත්‍යයයි. බාහිඑ සාක්ෂ්‍ය මත රඳා පවතින සත්‍යය නොව මනෝභාව මගින් හදවත තුළට ජීවමානව ගෙන යනු ලබන සත්‍යයයි."

෴ මහා කවි ගර්තේ ෴

"කලාකරුවා සොබාදහම සමඟ දෙවැදෑරුම් සබඳතාවක් පවත්වයි.එක් විටම ඔහු ඇගේ ස්වාමියා ද වහලා ද වන්නේය."

තෙළිතුඩින් කළ අරුම

තෙළිතුඩින් කළ අරුම

.

.