
සෑම සැප්තැම්බරයක ම පුරුද්දට මෙන් ඇවිත් යන සාහිත්‍ය සමය මෙවර ද පැමිණ තිබේ.සැණකෙළි සහ සංදර්ශණවලින් කොළොම්තොට සිරි ගැන්වී ඇත.මෙවර පොළොන්නරුවෙන් ද ඒ හඬ ඇසේ.
සාහිත්‍යමය සංස්කෘතියක් නොමැති සමාජයක පොත් කඩ දැමීම හා හිස් වචන අවකාශයට මුදා හැරීම සාහිත්‍ය ලෙස සැළකීම ගැන අප පුදුම විය යුතු නැත.
ඒ ඒ කාලයට අනුව ජීවිතයේ ප්‍රමුඛතාවයන් සකසා ගැනීම ලාංකිකයාගේ ජාති ලක්ෂණයකි. ඒ අනුව ඔවුන් ක්‍රිකට් සැණකෙළි කාලයට ක්‍රිකට් ප්‍රමුඛ කොට සලකති.යුද්ධයේ චණ්ඩ රළ සමඟ කේසර සිංහයන් බවට පත්වෙති. රටක ජාතික කොඩියේ ඇති වටිනාකම නොදත් ඔවුහු අත දරා ඇති කොඩියට වඩා බමන මතින් ඒ මේ අත වැනෙති.ගං වතුර කාලයට ඔරු පදිති.
එසේම සාහිත්‍ය සමයේ ඔවුහු විවිධ පොත් කඩ වලින් පිරුණු සාහිත්‍ය සුපිරි වෙළඳ සල් වෙත සාප්පු සවාරී යති.මෙලෙස ඒ ඒ කාලයට අනුව වේශ නිරූපනය වීම ලාංකිකයන්ගේ ජීවන විලාසය බවට පත්ව ඇත.
මෙම සංදර්ශනවලින් දෑස් නිලංකාර කර ගත් බොහෝ අය සාහිත්‍යයේ ප්‍රගමණයක් හෝ නව ප්‍රවණතාවක් ඇතැයි නන් දොඩවති. මතුපිටින් පෙනෙන මනරම් පෙන බුබුළු යටින් දිවෙන බියකරු දිය සුළිය ඔවුන් දකින්නේ නැත. මන්ද යත් සාහිත්‍ය නාමයෙන් ඔප් නැංවෙන මෙකී ව්‍යාජය,සැබෑ සාහිත්‍ය කතිකාවක පැවැත්මට කිසිදා ඉඩ නොදෙන බැවිනි. සියල්ලෝ මෙසේ ප්‍රීති ප්‍රමෝදයට පත් වන්නේ පරපුරක පැවැත්ම සමඟය.

එහෙත් පරණ පුරුද්දට පැමිණි මෙවර සාහිත්‍ය සමය ද එසේ නොවේවා'යි අප ප්‍රාර්ථනා කරන්නේ නැත.මන්ද එවැනි හුදු ප්‍රාර්ථනාවකින් එය ඉටු නොවන නිසාවෙනි.
එච්.ඒ. ප්‍රසන්න කැළුම්
කලා අංශය
13 වසර